අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

අධිකරණසමථ

ත්‍රිපිටකය » විනය පිටකය » පාචිත්‌තියපාළිය » භික්‌ඛුනී විභඞ්‌ය » අධිකරණසමථ

උපනුපන් (විවාදාදී) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ. සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ. ප්‍රතිඥායෙන් කරවිය යුතුයැ, යෙභුය්‍යසිකායැ, තස්සපාපිය්‍යසිකා යැ, තිණවත්ථාරක යි. ආර්‍ය්‍යාවරුනි සප්ත අධිකරණසමථ ධර්‍මයෝ උදෙසන ලදහ. එහිලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? තෙවනවට ද පුළුවුස්මි, කිම පිරිසුදුවවු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූතයහ ...

සෙඛියකාණ්ඩය

ත්‍රිපිටකය » විනය පිටකය » පාචිත්‌තියපාළිය » භික්‌ඛුනී විභඞ්‌ය » සෙඛියකාණ්ඩය

මහණෙනි මෙසේ මේ සිකපදය ද මෙහෙණෝ උදෙසත්වා. පිරිමඬුලු කොට හඳින්නෙමියි හික්මිය යුතු යි. නැබමඬල දණමඬල වසන්නිය විසින් පිරිමඬුලු කොට හැන්ද යුතුයි. යම් මෙහෙණක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි. මෙසේත් වනාහි භාග්‍යවතුන් විසින් මේ සිකපදය මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි. එසමයෙහි ගිලන් වූ මෙහෙණෝ දියෙහි ...

2. මහාජනක ජාතකය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 3 » 22. මහා නිපාතය » 2. මහාජනක ජාතකය

ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අත්හි පැළඳි වළලු දෙකකි. ශබ්දය හටගන්නේ එකට හැපීමෙන් ය. දෙවැන්නක් ඇත්තහුගේ ම මේ ස්වභාවය වෙයි. ශ්‍රමණයන් වහන්ස, මාගේ මේ අතෙහි එක් වළල්ලක් දමන ලදී. දෙවැන්නක් නැති බැවින් එය නිශ්ශබ්ද ය. කෙලෙස් පහ කළ මුනිවරයකු මෙන් එය නිහඬ වැ සිටී. දෙවැන්නක ඇත්තේ විවාදයට පත් වූයේ වෙයි. හුදෙකලා වූයේ කවුරුන් සමග විවාද කරන්නේ ද? එහෙයින් සඟ සැප කැමති ඒ ඔබට හුදෙකලා බව කැමති වේව යි ළදැරිය කීවා ය ...

3. තෘතීය භූමි

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පෙටකොපදෙශ » 3. තෘතීය භූමි

මහණෙනි මේ ඉන්ද්‍රියයෝ තිදෙනෙක් වෙති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤතාවින්‍ද්‍රිය යි. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ අවබෝධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අභිසමය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යයාරම්භ කෙරෙයි, සිත දැඩිව ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. (මෙසේ සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ විස්තරය කළ යුතු.) එහි අඤ්ඤින්ද්‍රිය කවරැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි යථාභූතව ...

6.5.10. උය්‍යොධික ශික්‍ෂාපදය

ත්‍රිපිටකය » විනය පිටකය » පාචිත්‌තියපාළිය » භික්‌ඛු විභඞ්‌ය » පාචිත්‌තියකාණ්ඩය » 5. අචේලක වර්ගය

ඉදින් මහණෙක් දෙතුන්රැයක් සෙනායෙහි වසන්නේ රණබිමට හෝ බලසෙන් ගණින තැනට හෝ සෙන් කඳවුරු බැඳි තැනට හෝ ඇණි දැකුමට හෝ යන්නේ නම් පචිති වේ යැයි. – 1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සෙනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ ...