අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

10. කොසම්‌බක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 10. කොසම්‌බක්‌ඛන්‌ධකය

ශාරීපුත්‍රය, වස්තු අටළොසකින් අධර්‍මවාදී පුද්ගල තෙමේ දත යුතු ය: ශාරීපුත්‍රය, මෙහි මහණෙක් තෙමේ අධර්‍මය ධර්‍මය යි දක්වයි ද, ධර්‍මය අධර්‍මයයි දක්වයි ද, අවිනය විනය යි දක්වයි ද, විනය අවිනය යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලද්ද තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදැ යි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො වදාරණලදැයි දක්වයි ද, තථාගතයන් වහන්සේ විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ ...

3.1.16. සමාරෝපනහාරවිභඞ්‌ගය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

ඒ සොළොස් හාරයන් කෙරෙහි සමාරෝපනහාරය කවරෙ යැ: “යෙ ධම්මා යම්මූලා යෙ චෙකත්ථා පකාසිතා මුනිනා” යනාදි නිද්දේසගාථා යැ. පදට්ඨාන වූ (කාරණභූත) එක ධර්මයක් සූත්‍ර‍යෙන් ගත්කල්හි යම් පමණ අන්‍යධර්මයන්ගේ පදට්ඨානයෝ ඒ ධර්මයෙහි බැසගෙන සිටිත් ද, ඒ සියලු ධර්මයෝ (නිර්ධාරණ වශයෙන්) එළවා දේශනායෙහි ආරෝපණ කළයුත්තාහුය. (දේශනාරූඪධර්මයන් මෙන් සලකා කියැයුත්තාහුය.) යම්සේ ආවර්තහාරයෙහි බොහෝ පදට්ඨානධර්මයෝ බැසගනිත් ද එමෙනි. එහි සමාරෝ ...

3.1.15. පරික්‌ඛාරහාරවිභඞ්‌ගය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

එහි පරික්ඛාරහාරය කවරෙ යැ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදි නිද්දේසගාථා යැ. යම් හේතු ප්‍ර‍ත්‍යය ධර්මයෙක් යම් ඵලධර්මයක්හු උපදවා ද, ඒ ඵල ධර්මයට ඒ හේතුප්‍ර‍ත්‍යයධර්මය පරිෂ්කාර යි. පරික්ඛාරය කුමක් ලක්ෂණ කොට ඇත්තේ යැ යත්: පරික්ඛාරය ජනක ලක්ෂණ යැ. ධර්මයෝ දෙදෙනෙක් (ඵලය) උපදවති, හේතු ද ප්‍ර‍ත්‍යය ද යන දෙක යි. ඒ දෙදෙනා අතුරෙහි හේතුව කුමක් ලක්ෂණ කොට ඇත්තේ ද, ප්‍ර‍ත්‍යය කුමක් ලක්ෂණ කොට ඇත්තේ ද යත්: හේතුව අසාධාරණ ලක්ෂණ යැ, ...

3.1.14. අධිට්‌ඨානහාරවිභඞ්‌ගය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

එහි අධිට්ඨානහාරය කවරෙ යැ: “එකත්තතාය ධම්මා යෙ’පි ච වෙමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.) ‘දුක්ඛ’ යනු එකත්ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් ...

3.1.13. සෝධනහාරවිභඞ්‌ගය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

එහි සෝධනහාරය කවරෙ යැ: “විස්සජ්ජිතම්හි පඤ්හෙ” යනාදි නිද්දේසගාථා යි.ආයුෂ්මත් අජිත පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්සි: (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) ලෝවැසි තෙමේ කුමකින් වැසුණේ ද? කුමක් හේතු කොට ප්‍ර‍කාශයට නො පැමිණේ ද? ඒ ලෝවැසිහට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරන දැ ද? ඒ ලෝවැසියාට මහත් භයහේතුව කුමක් දැ’ යි. (අජිත’ යී බුදුහු මෙසේ වදාරති) ධර්මස්වභාව ප්‍ර‍තිච්ඡාදනලක්ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසනලද ...