අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

10.1.9. අසුභ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

එකල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය ද වඩන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල්දහම් ද සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, යම්සේ ගිමන් සෙමෙහි පැසුළු (=ඇසළ) මස උඩ නැඟි රජස්දැලි වේ ද එය මහා අකල් වැස්ස සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, එසෙයින් ම ආනාපානසති සමාධිය වඩන ලද්දේ ...

10.1.8. දීප සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බොධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “මාගේ කය නො ම ක්ලාන්ත වන්නේ නම් ඇස් නො ම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිත ද ...

10.1.7. කප්‌පින සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, සිතෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමැති සේ ලබනසුල්ලෙක් නිදුකින් ලබනසුල්ලෙක් මහත් සේ ලබනසුල්ලෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතෙහි කම්පනයෙක් හෝ සැලීමක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ ...

10.1.6. අරිට්‌ඨ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්දය ප්‍රහීණ වූයේ ... අරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ...

10.1.5. දුතිය ඵල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, ආනාපාතසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ. කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඔරම්භාගිය සංයොජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ ...