අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

10.1.4. ඵල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශෙෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.

10.1.3. සුද්‌ධික සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.

10.1.2. බොජ්‌ඣඞ්‌ග සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ආනාපානසිහිය සහගිය සතිසම්බොජ්ඣඞ්ගය විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි ... ආනාපානසිහිය සහගිය උපේක්ඛාසම්බොජ්ඣඞ්ගය විවෙකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරොධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි. මහණෙනි, මෙසේ වඩන ...

10.1.1. එකධම්‌ම සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මහණෙනි, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත් ඵල මහානිසංස වේ. කවර එක් දහමෙක් ද යත්: ආනාපානසතිය යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි. දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. දිගු ...

9.5.40 උද්ධම්භාගිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 9. ඣාන සංයුක්තය » 5. ඔඝ වර්ගය

3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයොජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයොජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයොජනයන් ප්‍රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයොජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.