අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

16. ඤාණ විභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 2 » 16. ඤාණවිභඞ්ගය

එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්‍රන්ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නොපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්කසවිචාරයෝ නො වෙති, ...

4. පවාරණක්‌ඛන්‌ධකය

ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 4. පවාරණක්‌ඛන්‌ධකය

එකල්හි භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන උයන්හි අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි දුටුමිතුරු වූ දැඩිමිතුරු වූ බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා ආවාසයෙක වස් එළඹියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට “අපි කිනම් උපායයකින් සමගි ව සතුටු වෙමින් විවාද නො කරමින් පහසුවෙන් වස් වසන්නෙමු ද? ආහාර ලැබීමෙන් ක්ලාන්ත නො වන්නෙමු දැ?” යි මෙබඳු සිතෙක් උපන. නැවැත ඒ භික්‍ෂූන්ට “ඉදින් අපි උනුන් කතා නො කරන්නෙමු ...

15. පටිසම්‌භිදා විභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 2 » 15. පටිසම්‌භිදාවිභඞ්ගය

ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්ථ ප්‍රතිසංවිදාය, ධර්මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්මප්‍රතිසංවිදාය, ඒ අර්ථයෙහි හා ධර්මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි. ප්‍රතිසංවිදා සතරෙකි: අර්ථප්‍රතිසංවිදාය, ධර්මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය ...

3. වස්සූපනායිකක්ඛන්‍ධකය

ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 3. වස්‌සූපනායිකක්‌ඛන්‌ධකය

1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ රජගහනුවර ලෙහෙනුන්ට බොජුන් දුන් බිම වූ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. 2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වස් විසීම නො පණවන ලද්දේ වේ. 3. එකල්හි ඒ භික්‍ෂූහු හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද සැරිසරත්. 4. මිනිස්සු “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ හෙමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් (පාගමින්) එකින්‍ද්‍රිය ජීව පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් ...

14. ශික්‍ෂාපද විභඞ්ගය

ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්‌ගප්පකරණය 2 » 14. ශික්‍ෂාපදවිභඞ්ගය

ශික්ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපද ය, මුසාවායෙන් වැළකීමේ ශික්ෂාපද ය, මත් බවට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්ෂාපද යි. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙ ...