ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.1. කෙසිසුත්තං

4.3.2.1. කේසි සූත්‍රය

(සාවත්‍ථිනිදානං)

(සැවැත් නිදානයි)

11. අථ ඛො කෙසි අස්සදම්මසාරථි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙසිං අස්සදම්මසාරථිං භගවා එතදවොච :

11. එසඳ කේසි නම් අස්දම්සැරි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් කේසි නම් අස්දම්සැරිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

ත්වං ච ඛ්වාසි,1 කෙසි, සඤ්ඤාතො2 අස්සදම්මසාරථී. කථං පන ත්වං කෙසි, අස්සදම්මං විනෙසීති?

කේසිය, තෝ ප්‍රසිද්ධ අස්දම්සැරියෙහි. කේසිය, තෝ කෙසේ නම් නහඹු අසු විනය(දම)නය කෙරෙහි?

අහං ඛො භන්තෙ අස්සදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමීති.

වහන්ස, මම නහඹු අසු ශ්ලක්‍ෂණයෙනුදු (මුදුබැවිනුදු) විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණ – පරුෂයෙනුදු විනයනය කෙරෙමි.

සචෙ තෙ කෙසි, අස්සදම්මො සණ්හෙනපි විනයං න උපෙති, ඵරුසෙනපි විනයං න උපෙති, සණ්හඵරුසෙනපි විනයං න උපෙති, කින්ති නං කරොසීති?

කේසිය, ඉදින් තාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, ඔහුට කුම් කෙරෙහි?

සචෙ මෙ භන්තෙ අස්සදම්මො සණ්හෙනපි විනයං න උපෙති, ඵරුසෙනපි විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, හනාමි නං භන්තෙ. තං කිස්ස හෙතු? මා මෙ ආචරියකුලස්ස අවණ්ණො අහොසීති.

වහන්ස, ඉදින් මාගේ අශ්වදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, වහන්ස, මම උහු මරමි. ඒ කවර හෙයින යත්: මාගේ ඇදුරුකුලයට නහමක් අකීර්‍තති වේවයි.

භගවා පන භන්තෙ අනුත්තරො පුරිසදම්මසාරථි, කථං පන භන්තෙ භගවා පුරිසදම්මං විනෙතීති3?

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පුරුෂදම්‍යයා කෙසේ විනයනය කරණ සේක් ද?

අහං ඛො කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි සණ්හඵරුසෙනපි විනෙමි. තත්රිදං කෙසි, සණ්හස්මිං: ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකො. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකො. ඉති මනොසුචරිතං, ඉති මනොසුචරිතස්ස විපාකො. ඉති දෙවා, ඉති මනුස්සා.

කේසිය, මම පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයනය කෙරෙමි, පරුෂයෙනුදු විනයනය කෙරෙමි, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයනය කෙරෙමි. කේසිය, එහි මේ ශ්ලක්‍ෂණභාවය වෙයි: කායසුචරිතය මෙබඳු වෙයි, කායසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. වචීසුචරිතය මෙබඳු වෙයි, වචීසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. මනඃසුචරිතය මෙබඳු වෙයි, මනඃසුචරිතයාගේ විපාකය මෙබඳු වෙයි. දෙවියෝ මෙබන්දහ, මනුෂ්‍යයෝ මෙබන්දහයි මෙසේ දැක්වීමයි.

තත්රි දං කෙසි, ඵරුසස්මිං: ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකො. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකො. ඉති මනොදුච්චරිතං, ඉති මනොදුච්චරිතස්ස විපාකො. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයො.

කේසිය, එහි මේ පරුෂභාවය වෙයි: කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. වාග්දුශ්චරිතය මෙසේ ය, වාග්දුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. නිරය මෙසේ ය, තිරශ්චීනයෝනි මෙසේ ය, ප්‍රේතවිෂය මෙසේ ය යනු යි.

තත්රිදං කෙසි, සණ්හඵරුසස්මිං. ඉති කායසුචරිතං, ඉති කායසුචරිතස්ස විපාකො. ඉති කායදුච්චරිතං, ඉති කායදුච්චරිතස්ස විපාකො. ඉති වචීසුචරිතං, ඉති වචීසුචරිතස්ස විපාකො. ඉති වචීදුච්චරිතං, ඉති වචීදුච්චරිතස්ස විපාකො. ඉති මනොසුචරිතං, ඉති මනොසුචරිතස්ස විපාකො. ඉති මනොදුච්චරිතං, ඉති මනොදුච්චරිතස්ස විපාකො. ඉති දෙවා, ඉති මනුස්සා. ඉති නිරයො, ඉති තිරච්ඡානයොනි, ඉති පෙත්තිවිසයොති.

කේසිය, එහි මේ ශ්ලක්‍ෂණපරුෂභාවය වේ: කායසුචරිතය මෙසේ ය, කායසුචරිතයාගේ විපාක මෙසේ ය, කායදුශ්චරිතය මෙසේ ය, කායදුශ්චරිතයාගේ විපාක මෙසේ ය, වචීසුචරිතය මෙසේ ය, වචීසුචරිතයාගේ විපාක මෙසේ ය. වචීදුශ්චරිතය මෙසේ ය, වචීදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. මනඃසුචරිතය මෙසේ ය, මනඃසුචරිතයාගේ විපාක මෙසේ ය. මනෝදුශ්චරිතය මෙසේ ය, මනෝදුශ්චරිතයාගේ විපාක මෙසේ ය. දෙවියෝ මෙබන්දහ. මනුෂ්‍යයෝ මෙබන්දහ. නිරය මෙබඳුය. තිරශ්චීනයෝනි මෙබඳුය. ප්‍රේතවිෂය මෙබඳුය යනුයි.

සචෙ තෙ භන්තෙ පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, කින්ති නං භගවා කරොතීති?

වහන්ස, ඉදින් භගවත්හුගේ පුරුෂදම්‍ය භගවත්හුගේ පුරුෂදම්‍ය ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුම් කෙරති හෝ යි?

සචෙ මෙ කෙසි, පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, හනාමි නං කෙසීති.

කේසිය, ඉදින් මාගේ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂෙයනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, කේසිය, ඔහු නස්මි.

න ඛො භන්තෙ භගවතො පාණාතිපාතො කප්පති. අථ ච පන භගවා එවමාහ: හනාමි නං කෙසීති.

වහන්ස, භගවත්හට පණිවා නො කැපම ය. එතෙකුදු වුව, භාග්‍යවතුන් වහන්සේ ‘කේසිය, ඔහු නස්මි’යි මෙසේ වදාරණදෑ ය.

සච්චං කෙසි, න තථාගතස්ස පාණාතිපාතො කප්පති. අපි ච සො පුරිසදම්මො සණ්හෙන විනයං න උපෙති, ඵරුසෙන විනයං න උපෙති, සණ්හඵරුසෙන විනයං න උපෙති, න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්ති. වධො හෙස කෙසි, අරියස්ස විනයෙ යං න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.

සැබැව කේසිය, තථාගතයනට පණිවා නොසරුප් වෙයි. වැළිදු, ඒ පුරුෂදම්‍යයා ශ්ලක්‍ෂණයෙනුදු විනයට නොයේ නම්, පරුෂයෙනුදු විනයට නොයේ නම්, ශ්ලක්‍ෂණපරුෂයෙනුදු විනයට නොයේ නම්, තථාගතයෝ ඔහු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත්. නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත්. කේසිය, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, නුවණැති සබ්‍රම්සරහුදු ඔහු කියයුතුකොට අනුශාසනා කටයුතු කොට නොසිතත් ද, ආර්‍ය්‍යවිනයයෙහි තෙල වධයෙක් මැ ය.

සො හි නූන භන්තෙ සුවධො හොති යං න තථාගතො වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤති. නපි විඤ්ඤූ සබ්රහ්මචාරී වත්තබ්බං අනුසාසිතබ්බං මඤ්ඤන්තීති.

වහන්ස, තථාගතයන් වහන්සේ යමකු කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතන සේක් ද, නුවණැති සබ්‍රම්සරහුදු, කියයුතු කොට අනුශාසනා කළයුතු කොට නොසිතත් ද, හේ එකැතින් මහත් වධයෙක.

අභික්කන්තං භන්තෙ, අභික්කන්තං –පෙ– උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.

වහන්ස, ඉතා මැනව, ඉතා මැනව ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසකු කොට ධරණ සේක්වා.