ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.2. අස්සාජානීය–ජව සුත්තං

4.3.2.2. අස්සාජානීය–ජව සූත්‍රය

12. චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.

12. මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීය සතර අඟෙකින් සමන්‍වාගත වූයේ රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.

කතමෙහි චතූහි? අජ්ජවෙන, ජවෙන, ඛන්තියා, සොරච්චෙන.

කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, පද ජවයෙන, අධිවාසනායෙන, සුරතභාවයෙනැ යි.

ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.

මහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජනීය මේ සතර අඟින් සමන්‍වාගත වූයේ රජුට නිසි වූයේ වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රාජාඞ්ගයෙක් ම යයි ගණයට යෙයි.

එවමෙව ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.

මහණෙනි, එපරිදි ම සතර අඟෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි.

කතමෙහි චතූහි? අජ්ජවෙන ජවෙන ඛන්තියා සොරච්චෙන.

කවර සතර අඟෙකින යත්: ඍජු බැවින, ඤාණජවයෙන, ඉවසීමෙන, සුරතභාවයෙනැ යි.

ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති –පෙ– අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.

මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රවෙයි.