ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.3. අස්සාජානීය–පතොදසුත්තං

4.3.2.3. අස්සාජානීය–පතොද සූත්‍රය

13. චත්තාරොමෙ භික්ඛවෙ භද්රො අස්සාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?

13. මහ‍ණෙනි, මේ භද්‍ර අශ්වාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික්ඛවෙ එකච්චො භද්රො අස්සාජානීයො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එව රූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ පඨමො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවෙග (ජව) උපදවයි, වෙගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කවර දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, අපි ච ඛො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති : “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ දුතියො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවෙග නොම උපදවයි, වෙගයට නො පැමිණේ ම ය. වැළිත් ලොමකූපයෙහි හීකැහිටින් විදුනා ලද්දේ වෙග උපදවයි, වෙගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් දඬුවමක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව ඇත. මහණෙනි, මේ දෙවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. අපි ච ඛො චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ තතියො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවෙග නො ම උපදවයි, වෙගයට නො ද පැමිණෙයි. ලොමකූපයෙහි විත් පහරින් විදුනා ලද්දේත් සංවේග නූපදවයි, වෙගයට නො ද පැමිණෙයි. වැළිත් සමෙහි විත්පහරින් විදුනා ලද්දේ සංවෙග උපදවයි, වෙගයට පැමිණෙයි: “දැන් අස්දම්සැරි මට කිනම් කාරණාවක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමාන වෙයි.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො නහෙව ඛො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, නපි චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. අපි ච ඛො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති: “කිංනු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති, කිමස්සාහං පතිකරොමී”ති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො අස්සාජානීයො හොති. අයං භික්ඛවෙ චතුත්ථො භද්රො අස්සාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් කැහිටිසෙය දැක සංවෙග නො ම උපදවයි, වෙගයට නො ද පැමිණෙයි. ලෝම කූපයෙහි විත් පහරින් විදුනා ලද්දේ සංවේග නො ම උපදවයි. වෙගයට නො පැමිණෙයි. චර්‍මයෙහි විත් පහරින් විදුනනා ලද්දේ සංවෙග නො උපදවයි, වෙගයට නො පැමිණෙයි. වැළිත් ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග උපදවයි, වේගයට පැමිණෙයි, “දැන් අස්දම්සැරි මට කිනම් කරුණක් කරන්නේ ද? මම ඔහුට කිනම් දෑ කෙරෙම් දැ” යි. මහණෙනි, මෙබඳු වූ ද ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් මෙලොව විද්‍යමාන වෙයි. මහණෙනි, මේ සතරවන භද්‍ර අශ්වාජානීය ලෝකයෙහි විද්‍යමානය.

ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො භද්රා අස්සාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.

මහණෙනි, මේ භද්‍රඅශ්වාජානීයයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානය හ.

එවමෙව ඛො භික්ඛවෙ චත්තාරොමෙ භද්රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො?

මහණෙනි, එපරිදි ම භද්‍ර වූ මේ පුරුෂාජානීයයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:

ඉධ භික්ඛවෙ එකච්චො භද්රො පුරිසාජානීයො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථි වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො පතොදච්ඡායං දිස්වා සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ පඨමො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි අසා ද, හෙ එයින් සංවේග (මනාවීර්‍ය්‍ය) කෙරෙයි, සංවේගයට පැමිණෙයි. උපන් සංවේග ඇත්තේ, නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් දක්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකියි. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය කැහිටිසෙය දැක සංවේග කෙරේ ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි මම කියමි. මහණෙනි, මෙලොව මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන භද්‍ර පුරුෂාජානීයයා ලොකයෙහි විද්‍යමාන වේ.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වා ති. අපි ච ඛො සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො ලොමවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ දුතියො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, වැළිත් දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේ දක්නේ ය. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේග ඇතියේ නිවන් කරා ගිය සිත් ඇත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. නාමකයිනුත් නිර්‍වාණය පසක් කරන්නේ විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥායෙන් ද විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ලෝමයෙහි විත් පහරින් විදුනා ලද්දේ වේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ දෙවන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති, නපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. අපි ච ඛ්වස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලකතො වා. සො තෙන සංවිජ්ජති සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො චම්මවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ තතියො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දකී ද, වැළිත් ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් හෝ දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ වේ ද, හෙ එයින් සංවේග කෙරෙයි. සංවේගයට පැමිණෙයි. සංවේගයට පැමිණියේ නිවනට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය තෙමේ ලොමෙහි විත් පහරින් විදුනා ලදුයේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳුහ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ තුන්වන භද්‍ර පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වෙයි.

පුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො නහෙව ඛො සුණාති අමුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා පුරිසො වා දුක්ඛිතො වා කාලකතො වාති. නපි සාමං පස්සති ඉත්ථිං වා පුරිසං වා දුක්ඛිතං වා කාලකතං වා. නපිස්ස ඤාති වා සාලොහිතො වා දුක්ඛිතො වා හොති කාලකතො වා. අපි ච ඛො සාමඤ්ඤෙව ඵුට්ඨො හොති සාරීරිකාහි වෙදනාහි දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි අසාතාහි අමනාපාහි පාණහරාහි. සො තෙන සංවිජ්ජති, සංවෙගං ආපජ්ජති. සංවිග්ගො යොනිසො පදහති. පහිතත්තො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. සෙය්යථාපි සො භික්ඛවෙ භද්රො අස්සාජානීයො අට්ඨිවෙධවිද්ධො සංවිජ්ජති සංවෙගං ආපජ්ජති, තථූපමාහං භික්ඛවෙ ඉමං භද්රං පුරිසාජානීයං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො භද්රො පුරිසාජානීයො හොති. අයං භික්ඛවෙ චතුත්ථො භද්රො පුරිසාජානීයො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.

තවද මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂාජානීයයෙක් අසෝ ගමෙහි හෝ නියම්ගමෙහි හෝ ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ දුඃඛිත වේවයි, කලුරිය කෙළේ වේවයි නො ම අසා ද, දුඃඛිත වූ හෝ කලුරිය කළා වූ හෝ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ තෙමේත් නො දක්නේ ද, ඔහුගේ නෑයෙක් හෝ සහලේ නෑයෙක් දුඃඛිත වූයේ හෝ කලුරිය කෙළේ හෝ නො වේ ද, වැලිත් තෙමේ ම දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනොහර වූ ප්‍රාණහර වූ ශාරීරිකවේදනායෙන් පහස්නා ලද්දේ වෙයි. හේ එයින් සංවේග කෙරේ. සංවේගයට පැමිණේ. සංවේගයට පැමිණියේ නිවණට ගිය සිතැත්තේ නුවණින් ප්‍රධන් වීර්‍ය්‍යය කෙරේ. නාමකයිනුත් නිවන් ප්‍රත්‍යක්‍ෂ කරණුයේ විදර්‍ශනා සහිත ප්‍රඥායෙනුත් විනිවිද දකී. මහණෙනි, යම් පරිදි ඒ භද්‍ර ආශ්වාජානීය ඇට බිඳුනා විත් පහරින් විදුනා ලද්දේ සංවේග දනවා ද, වේගයට පැමිණේ ද, මහණෙනි, මම මේ භද්‍ර පුරුෂාජානීයයා එබඳු හ යි කියමි. මහණෙනි, මෙබඳු වූත් ඇතැම් භද්‍ර පුරුෂාජානීයයෙක් මෙලොව්හි වෙයි. මහණෙනි, මේ භද්‍ර වූ සතරවන පුරුෂාජානීයයා ලෝකයෙහි විද්‍යමාන වේ.

ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො භද්රා පුරිසාජානීයා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.

මහණෙනි, මේ සතර පුරුෂාජානීයයෝ ලෝකයෙහි විද්‍යමානයහ.