14. චතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතූහි?
14. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වේ. රජහු විසින් වළඳ කළයුතු වේ. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි. කවර සතර කරුණෙන යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා ච හොති හන්තා ච ඛන්තා ච ගන්තා ච.
මහණෙනි, මෙලොව අජුගේ ඇත් අසනුයේ ද වෙයි, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති, ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථි කාරණං කාරෙති යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං, තං අට්ඨිකත්වා1 මනසි කත්වා සබ්බං චෙතසො2 සමන්නාහරිත්වා ඔහිතසොතො සුණාති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් අසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් කළවිරූ වේවයි, නො කළවිරූ වේවයි, යම් කම්කටුලු හස්තිදම්‍යසාරථි තුලූන් ලවා කරවා ද, එය අර්ථී ව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙන රුකළ කන් ඇති ව අසා ද, මහණෙනි, මෙසේ රජුගේ ඇත් අසනුයේ නම් වේ.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිම්පි හන්ති3 හත්ථාරුහම්පි හන්ති3 අස්සම්පි හන්ති අස්සාරුහම්පි හන්ති රථම්පි හන්ති රථිකම්පි හන්ති පත්තිකම්පි හන්ති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් නසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ ඇතුදු නසයි. ඇතරුවා ද නසයි. අසුදු නසයි. අසරුවා ද නසයි. රිය ද නසයි. රිය නැගි යොධ ද නසයි. පාබල ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් නසනුයේ නම් වේ.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො ඛමො හොති සත්තිප්පහාරානං උසුප්පහාරානං4 අසිප්පහාරානං ඵරසුප්පහාරානං භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දානං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් සඞ්ග්‍රාමශීර්‍ෂයට ගියේ සිරිය පහර, හී පහර, කඩු පහර, පොරෝ පහර, බෙර පණාබෙර සක් දෙණ්ඩිම යන නින්නාද ශබ්ද ඉවසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ඉවසනුයේ නම් වේ.
කථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්‍ථිදම්මසාරථි දිසං පෙසෙති යදි වා ගතපුබ්බං යදි වා අගතපුබ්බං, තං ඛිප්පඤ්ඤෙව5 ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති.
මහණෙනි, කෙසේ රජුගේ ඇත් යනුයේ වේ ද? මහණෙනි, මෙලොව රජුගේ ඇත් ගිය විරූ දිග වේවයි නො ගිය විරූ දිග වේවයි, යම් දිගකට ඇත්දම්සැරි මෙහෙයා ද, එදිගට වහාම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් යනුයේ නම් වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ රජුගේ ඇත් රජුට නිසි වූයේ රජු විසින් වළඳ කටයුතු වූයේ වෙයි. රාජාවයවයෙක් ම ය යි ගණයට යෙයි.
එවමෙව ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුණෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
මහණෙනි, එපරිදි ම සතර කරුණෙකින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි.
කතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති හන්තා ච ඛන්තා ච ගන්තා ච.
කවර සතර කරුණෙන යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අසනුයේ ද, නසනුයේ ද, ඉවසනුයේ ද, යනුයේ ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු සොතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා මනසි කත්වා සබ්බං චෙතසො2 සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොතා හොති.
මහණෙනි, කෙසේ මහණ අසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තථාගතයන් විසින් වදාරණ ලද ධර්‍ම විනය දෙසනු ලබන කල්හි අර්ථීව මෙනෙහි කොට සියල්ල සිතට සමනා ගෙණ රුකළ කන් ඇතිව ඒ දහම් අසයි. මහණෙනි, මෙසේ මහණ අසනුයේ නම් වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු හන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති1 ව්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං –පෙ– උප්පන්නං විහිංසාවිතක්කං –පෙ– උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති ව්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු හන්තා හොති.
මහණෙනි, කෙසේ මහණ නසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසල දහම් සිත්හි නො වස්වයි. හැර පියයි. බැහැරි කෙරෙයි. විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. මහණෙනි මෙසේ මහණ නසනුයේ නම් වේ.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසිකජාතිකො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති.
මහණෙනි, කෙසේ මහණ ඉවසනුයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශීතය, උෂ්ණය, බඩසය, පවස, මැසිමදුරු, වා – අව්, දිග් දෑ යන මොවුන්ගේ පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කී නපුරු කොට පැමිණි වචනපථයන් ද දුක් ඇති තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ උපන් ශාරීරික වෙදනා ඉවසන ප්‍රකෘති ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ඉවසනුයේ නම් වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යා දිසා අගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, තං ඛිප්පඤ්ඤෙව ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගන්තා හොති.
මහණෙනි, කෙසේ නම් මහණ යනුයේ නම් වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සියලු උපධීන්ගෙන් වෙන් වූ තෘෂ්ණාක්‍ෂය වූ විරාග වූ නිරොධ වූ සර්‍වසංස්කාරශමථය යි කියන ලද යම් මේ නිවන් නමැති, මේ දීර්‍ඝ කාලයෙහි නො ගිය විරූ දිගෙක් ඇද්ද, එදිග වහා ම යනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ යනුයේ නම් වේ.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති –පෙ– අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වේ ... ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රය වෙයි.