ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.5. ඨානසුත්තං

4.3.2.5. ඨාන සූත්‍රය

15. චත්තාරිමානි භික්ඛවෙ ඨානානි. කතමානි චත්තාරි?

15. මහණෙනි, මේ කාරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අත්ථි භික්ඛවෙ ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. අත්ථි භික්ඛවෙ ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති.

මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අනර්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට අමනාප ය. එ ද කරණු ලබන්නේ අර්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අනර්ථයට වැටේ. මහණෙනි, කරුණෙක් ඇත. කරන්නට මනාපය. එද කරණු ලබන්නේ අර්ථයට වැටේ.

තත්ර භික්ඛවෙ යමිදං ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති, ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං අමනාපං කාතුං, ඉමිනාපි තං න කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති, ඉමිනාපි තං න කත්තබ්බං මඤ්ඤති. ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව න කත්තබ්බං මඤ්ඤති.

මහණෙනි, එහි කරන්නට අමනාප වූ යම් මේ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අනර්ථයට වැටේ ද, මහණෙනි, මේ කරුණ දෙපරිදි ම නො කටයුතු කොට හඟනේය. මේ කරුණෙක් කරන්නට අමනාප වේ ද, මෙයිනුත් එය නො කටයුතු කොට හඟනේ ය. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අනර්ථයට වැටේ ද, මෙයිනුත් නො කටයුතු කොට හඟනේය. මහණෙනි, මෙ කරුණ දෙරිදි ම නො කටයුතු කොට හඟනේය.

තත්ර භික්ඛවෙ යමිදං ඨානං අමනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති, ඉමස්මිං භික්ඛවෙ ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසත්ථාමෙ පුරිසවිරියෙ පුරිසපරක්කමෙ. න භික්ඛවෙ බාලො ඉති පටිසංචික්ඛති, ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං අමනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං න කරොති. තස්ස තං ඨානං අකයිරමානං අනත්ථාය සංවත්තති. පණ්ඩිතො ච ඛො භික්ඛවෙ ඉති පටිසංචික්ඛති: ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං අමනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං කරොති. තස්ස තං ඨානං කයිරමානං අත්ථාය සංවත්තතීති.

මහණෙනි, එහි කරන්නට අමනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍ය්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතු යි. මහණෙනි, බාල තෙමේ මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට අමනාපය. වැලිත් මෙ කරුණ කරණු ලබන්නේ අර්ථයට වැටේ’ ය යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට නො කරණු ලබන එකරුණ අනර්ථයට වැටෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙකරුණ කරන්නට අමනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අර්ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ කෙරයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අර්ථයට වැටෙයි.

තත්ර භික්ඛවෙ යමිදං ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අනත්ථාය සංවත්තති. ඉමස්මිම්පි භික්ඛවෙ ඨානෙ බාලො ච පණ්ඩිතො ච වෙදිතබ්බො පුරිසත්ථාමෙ පුරිසවිරියෙ පුරිසපරක්කමෙ. න භික්ඛවෙ බාලො ඉති පටිසංචික්ඛති : ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තතී’ති. සො තං ඨානං කරොති. තස්ස තං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තති. පණ්ඩිතො ච ඛො භික්ඛවෙ ඉති පටිසංචික්ඛති : ‘කිඤ්චාපි ඛො ඉදං ඨානං මනාපං කාතුං, අථ චරහිදං ඨානං කයිරමානං අනත්ථාය සංවත්තී’ති. සො තං ඨානං න කරොති. තස්ස තං ඨානං අකයිරමානං අත්ථාය සංවත්තති.

මහණෙනි, එහි කරන්නට මනාප වූ යම් කරුණෙක් වේ ද, එ ද කරණු ලබන්නේ අනර්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණෙහි දී පුරුෂයාගේ ඥානශක්තියෙහි, පුරුෂයාගේ ඥානවීර්‍යයෙහි, පුරුෂයාගේ ඥානපරාක්‍රමයෙහි ලා බාලයා ද පණ්ඩිතයා ද දත යුතුය. මහණෙනි, බාල මෙසේ නො සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්ථයට වැටේය’යි. හෙතෙම එකරුණ කෙරෙයි. ඔහුට එකරුණ කරණු ලබන්නේ අනර්ථයට වැටේ. මහණෙනි, පණ්ඩිත තෙමේ මෙසේ සලකයි: ‘මෙ කරුණ කරන්නට මනාපය. වැලිත් මෙකරුණ කරණු ලබන්නේ අනර්ථයට වැටේය’ යි. හෙතෙම එ කරුණ නො කෙරෙයි. ඔහුට එකරුණ නො කරණු ලබන්නේ අර්ථයට වැටෙයි.

තත්ර භික්ඛවෙ යමිදං ඨානං මනාපං කාතුං, තඤ්ච කයිරමානං අත්ථාය සංවත්තති, ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං මනාපං කාතුං, ඉමිනාපි නං කත්තබ්බං මඤ්ඤති. යම්පිදං ඨානං කයිරමානං අත්ථාය සංවත්තති, ඉමිනාපි තං කත්තබ්බං මඤ්ඤති. ඉදං භික්ඛවෙ ඨානං උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති.

මහණෙනි, එහි කරන්නට මනාප යම් ඒ කරුණෙක් ඇද්ද, එ ද කරණු ලබන්නේ අර්ථයට වැටේ ද, මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කටයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරන්නට කැමති වේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. යම් මේ කරුණෙක් කරණු ලබන්නේ අර්ථයට වැටේ ද, මෙයිනුත් එය කළයුතු කොට හඟී. මහණෙනි, මෙ කරුණ දෙපරිදි ම කළයුතු කොට හඟී.

ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ඨානානීති.

මහණෙනි, මේ සතර කරුණුයි.