ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.6. අප්පමාදසුත්තං

4.3.2.6. අප්‌පමාද සූත්‍රය

16. චතූහි භික්ඛවෙ ඨානෙහි අප්පමාදො කරණීයො. කතමෙහි චතූහි?

16. මහණෙනි, සතර කරුණෙකින් අප්‍රමාදය කළ යුතුය. කවර සතර කරුණෙන යත්:

කායදුච්චරිතං භික්ඛවෙ පජහථ. කායසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. වචීදුච්චරිතං භික්ඛවෙ පජහථ. වචීසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. මනොදුච්චරිතං භික්ඛවෙ පජහථ. මනොසුචරිතං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ. මිච්ඡාදිට්ඨිං භික්ඛවෙ පජහථ, සම්මාදිට්ඨිං භාවෙථ. තත්ථ ච මා පමාදත්ථ.

මහණෙනි, කායදුශ්චරිතය හැර පියව. කාය සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, වාග්දුශ්චරිතය හැර පියව. වාක්සුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මනොදුශ්චරිතය හැර පියව. මනඃසුචරිතය වඩව. එහිදු නහමක් පමා වව. මහණෙනි, මිසදිටු හැර පියව. සම්දිටු වඩව. එහිදු නහමක් පමා වව.

යතො ඛො භික්ඛවෙ භික්ඛුනො කායදුච්චරිතං පහීණං හොති, කායසුචරිතං භාවිතං. වචීදුච්චරිතං පහීණං හොති, වචීසුචරිතං භාවිතං. මනොදුච්චරිතං පහීණං හොති, මනොසුචරිතං භාවිතං. මිච්ඡාදිට්ඨි පහීණා හොති, සම්මාදිට්ඨි භාවිතා. සො න භායති සම්පරායිකස්ස මරණස්සාති.

මහණෙනි, යම් කලක මහණහට කායදුශ්චරිතය ප්‍රහීණ වේ ද, කායසුචරිතය භාවිත වේ ද, වාග්දුශ්චරිතය ප්‍රහීණ වේ ද, වාක්සුචරිතය භාවිත වේ ද, මනෝදුශ්චරිතය ප්‍රහීණ වේ ද, මනස්සුචරිතය භාවිත වේ ද, මිසදිටු ප්‍රහීණ වේ ද, සම්දිටු භාවිත වේ ද, හෙතෙම සම්පරායික මරණයට බියපත් නො වෙයි.