ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (12) 2. කේසි වර්ගය

4.3.2.7. ආරක්ඛසුත්තං

4.3.2.7. ආරක්‌ඛ සූත්‍රය

17. චතූසු භික්ඛවෙ ඨානෙසු අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො. කතමෙසු චතූසු?

17. මහණෙනි, සතර තැනෙක තමාට නිසි සැටියෙන් (හිත–කැමැත්තෙන්) අප්‍රමාදය–ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය. කවර සතර තැනෙක යත්:

මා මෙ රජනීයෙසු ධම්මෙසු චිත්තං රජ්ජීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.

සිත් ඇලීමට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් ඇලේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය – ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.

ද්වේෂයට කරුණු වූ දහම්හි මාගේ සිත නහමක් දූෂිත වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය – ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතුය.

මෝහනයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මුළා වේව යි, තමාට නිසි සැටියෙන් අප්‍රමාදය – ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.

මා මෙ මදනීයෙසු ධම්මෙසු චිත්තං මජ්ජීති අත්තරූපෙන අප්පමාදො සතිචෙතසො ආරක්ඛො කරණීයො.

මදයට කරුණු වූ දහම් හි මාගේ සිත නහමක් මත් වේව යි, තමහට නිසි සැටියෙන් අප්‍රමාදය – ස්මෘති සම්ප්‍රයුක්ත චිත්තයාගේ ආරක්‍ෂාව කළයුතු ය.

යතො ඛො භික්ඛවෙ භික්ඛුනො රජනීයෙසු ධම්මෙසු චිත්තං න රජ්ජති වීතරාගත්තා, දොසනීයෙසු ධම්මෙසු චිත්තං න දුස්සති වීතදොසත්තා, මොහනීයෙසු ධම්මෙසු චිත්තං න මුය්හති වීතමොහත්තා, මදනීයෙසු ධම්මෙසු චිත්තං න මජ්ජති වීතමදත්තා, සො නච්ඡම්භති, න කම්පති, න වෙධති, න සන්තාසං ආපජ්ජති. න ච පන සමණවචනහෙතුපි ගච්ඡතීති.

මහණෙනි, යම් දිනෙක පටන් ගෙණ මහණහුගේ සිත වීතරාග බැවින් රජනයට කරුණු වූ දහම් හි නො ඇලේ ද, වීතදෝෂ බැවින් ද්වේෂයට කරුණු වූ දහම් හි සිත දූෂිත නොවේද, මෝහයට කරුණු වූ දහම් හි පැහු මෝහ ඇති බැවින් සිත නහමක් මුළා වේ ද, මදයට කරුණු වූ දහම් හි පැහු මද ඇති බැවින් සිත නහමක් මත් වේ ද, හෙතෙම තැති නො ගණී. නො සැලේ. නො වෙවුළයි. සන්ත්‍රාසයට නො යෙයි. පරවාදි ශ්‍රමණයන්ගේ වචන හේතුවෙන් ද මිසදිටුවට නොයේ මැ යි.