18. චත්තාරිමානි භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි?
18. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවෙග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:
ඉධ තථාගතො ජාතොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
ඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසීති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්‍මචක්‍රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතොති භික්ඛවෙ සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානීති.
මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.