ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගෝතමී වර්ගය

8.1.6.4. ව්‍යග‍්ඝපජ‍්ජ සුත‍්තං

8.1.6.4. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය

එකං සමයං භගවා කොලියෙසු විහරති කක‍්කරපත‍්තං නාම කොලියානං නිගමො. තත්‍ර1 ඛො දීඝජාණු කොලියපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො දීඝජාණු කොලියපුත‍්තො භගවන‍්තං එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර‍ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කොලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.

මයං භන‍්තෙ, ගිහී කාමභොගී2 පුත‍්තසම‍්බාධසයනං අජ‍්ඣාවසාම, කාසිකචන්‍දනං පච‍්චනුභොම, මාලාගන්‍ධවිලෙපනං ධාරයාම, ජාතරූපරජතං සාදියාම. තෙසං නො භන‍්තෙ, භගවා තථා ධම‍්මං දෙසෙතු, යෙ අම්හාකං අස‍්සු ධම‍්මා දිට‍්ඨධම‍්මහිතාය දිට‍්ඨධම‍්මසුඛාය සම‍්පරාය හිතාය සම‍්පරායසුඛායාති.

වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍ර‍දාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.

චත‍්තාරො මෙ ව්‍යග‍්ඝපජ‍්ජ, ධම‍්මා කුලපුත‍්තස‍්ස දිට‍්ඨධම‍්මහිතාය සංවත‍්තන‍්ති දිට‍්ඨධම‍්මසුඛාය. කතමෙ චත‍්තාරො: උට‍්ඨානසම‍්පදා ආරක‍්ඛසම‍්පදා කල්‍යාණමිත‍්තතා සමජීවිකතා.1

ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.

1. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ, උට‍්ඨානසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ කුලපුත‍්තො යෙන කම‍්මට‍්ඨානෙන ජීවිකං කප‍්පෙති, යදි කසියා යදි වණිජ‍්ජාය යදි ගොරක‍්ඛෙන යදි ඉස‍්සත්‍ථෙන2 යදි රාජපොරිසෙන යදි සිප‍්පඤ‍්ඤතරෙන. තත්‍ථ දක‍්ඛො හොති අනලසො තත්‍රෑපායාය විමංසාය සමන‍්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ, උට‍්ඨානසම‍්පදා.

1. ව්‍යාඝ්‍ර‍පද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්මයෙන් වේවායි වණික්කර්මයෙන් වේවයි, ගෝරක්ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රොපාය වීමංසායෙන් සමන්වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්ෂ වෙයි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.

2. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ, ආරක‍්ඛසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තස‍්ස භොගා හොන‍්ති උට‍්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක‍්ඛිත‍්තා ධම‍්මිකා ධම‍්මලද‍්ධා, තෙ ආරක‍්ඛෙන ගුත‍්තියා සම‍්පාදෙති ‘කින‍්ති මෙ ඉමෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං න චොරා හරෙය්‍යුං න අග‍්ගි ඩහෙය්‍ය න උදකං වහෙය්‍ය න අප‍්පියා දායාදා හරෙය්‍යුන‍්ති. අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ, ආරක‍්ඛසම‍්පදා.

2. ව්‍යාඝ්‍ර‍පද්‍යය, ආරක්ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භොගයෝ වෙත්. ඔහු ආරක්ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්ධූහු නො ගනිත් දැයි ආරක්ෂායෙන් ගොපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ ආරක්ෂාසම්පත් යයි කියනු ලැබේ.

3. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ, කල්‍යාණමිත‍්තතා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො යස‍්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්‍ථ යෙ තෙ හොන‍්ති ගහපති වා ගහපතිපුත‍්තො වා දහරා වා වුද‍්ධසීලිනො වුද‍්ධා වා වුද‍්ධසීලා සද‍්ධාසම‍්පන‍්නා සීලසම‍්පන‍්නා චාගසම‍්පන‍්නා පඤ‍්ඤාසම‍්පන‍්නා’ තෙහි සද‍්ධිං සන‍්තිට‍්ඨති සල‍්ලපති සාකච‍්ඡං සමාපජ‍්ජති. යථා රූපානං සද‍්ධාසම‍්පන‍්නානං සද‍්ධාසම‍්පදං අනුසික‍්ඛති, යථාරූපානං සීලසම‍්පන‍්නානං සීලසම‍්පදං අනුසික‍්ඛති යථාරූපානං චාගසම‍්පන‍්නානං චාගසම‍්පදං අනුසික‍්ඛති, යථාරූපානං පඤ‍්ඤාසම‍්පන‍්නානං පඤ‍්ඤාසම‍්පදං අනුසික‍්ඛති. අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ, කල්‍යාණමිත‍්තතා.

3. ව්‍යාඝ්‍ර‍පද්‍යය, කල්‍යාණමිත්‍ර‍තාව කවරයත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර‍ වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍ර‍ද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍ර‍ඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍ර‍ද්ධාසම්පන්නයන් ගේ ශ්‍ර‍ද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍ර‍ඥාසම්පන්නයන් ගේ ප්‍ර‍ඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍ර‍පද්‍යය, මේ කල්‍යාණමිත්‍ර‍තා යි කියනු ලැබේ.

4. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ සමජීවිකතා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො ආයඤ‍්ච භොගානං විදිත්‍වා වයඤ‍්ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති නාච‍්චොගාළ‍්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතීති.

4. ව්‍යාඝ්‍ර‍පද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍ර‍පද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර‍ තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.

සෙය්‍යථාපි ව්‍යග‍්ඝපජ‍්ජ, තුලාධාරො වා තුලාධාරන‍්තෙවාසී වා තුලං පග‍්ගහෙත්‍වා ජානාති එත‍්තකෙන වා ඔනතං එත‍්තකෙන වා උන‍්නතන‍්ති. එවමෙව ඛො ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො ආයඤ‍්ච භොගානං විදිත්‍වා වයඤ‍්ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති, න ච අච‍්චොගාළ‍්හං න අතිහීනං. එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතීති. සචායං ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො අප‍්පායො සමානො උළාරං ජීවිකං කප‍්පෙති, තස‍්ස භවන‍්ති චත‍්තාරො උදුම‍්බරඛාදීකං වායං1 කුලපුත‍්තො භොගෙ බාදතී’ති.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, යම් සේ තුලාව දරන්නෙක් වේවයි, තුලා දරන්නකුගේ අතවැසියෙක් වේව යි තුලාව ඔසවා ගෙන මෙ පමණෙකින් අවනත මෙපමණකින් උන්නත වේයයි දන්නේ ද, ව්‍යාඝ්‍ර‍පද්‍යය, එ පරිද්දෙන් ම කුලපුත් තෙමේ භොගයන් ගේ අයත් දැන භොගයන්ගේ වැයත් දැන ඉමහත් ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි. මෙ සෙයින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යයය අය ගෙවා නො සිටුනේ ය කියා යි.

සචෙ පනායං ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො මහායො සමානො කසිරං ජීවිකං කප‍්පෙති, තස‍්ස භවන‍්ති චත‍්තාරො ‘අජද‍්ධුමාරිකං වායං2 කුලපුත‍්තො මරිස‍්සතීති.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, ඉදින් මේ කුලපුත් තෙමේ අල්පවූ අය ඇතියේ ම උදාරව ජීවිකා කෙරේ නම්, ඔහට ‘මෙ කුලපුත් දිඹුල් කෑමක් සෙයින් භෝගයන් වළඳන්නේ ය’යි කියන්නාහු වෙත්. ව්‍යාඝ්‍ර‍පද්‍යය, ඉදින් මේ කුලපුත් මහත් වූ අය ඇතියේ ම අල්පව ජීවිකා කරන්නේ නම් ඔහට ‘මෙ කුල පුත් අනාථ මරණයෙන් මැරෙන්නකු සෙයින් මැරෙන්නේ ය’යි කියන්නෝ වෙති.

යතො ච ඛ‍්වායං ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො ආයඤ‍්ච භොගානං විදිත්‍වා වයඤ‍්ච භොගානං විදිත්‍වා සමං ජීවිකං කප‍්පෙති න අච‍්චොගාළ‍්හං නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස‍්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස‍්සතී ති. අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ, සමජීවිකතා.

ව්‍යාඝ්‍ර‍පද්‍යය, යම්හෙයකින් කුලපුත්‍ර‍ භෝගයන්ගේ අය ද සලකා භෝගයන්ගේ වැය ද සලකා ඉතා මහත් නොව ඉතා හීන නොව සම ව ජීවිකාව කෙරේ ද, මෙ සෙයින් මාගේ අය විය ම මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය ආදායම මැඩගෙන නො ද සිටුනේ ය යි. ව්‍යග්ඝපජ්ජය, මේ සමජීවිකතා යී කියනු ලැබේ.

එවං සමුප‍්පන‍්නානං ව්‍යග‍්ඝපජ‍්ජ භොගානං චත‍්තාරි අපායමුඛානි හොන‍්ති: ඉත්‍ථිධුත‍්තො හොති සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො පාපමිත‍්තො පාපසහායො පාපසම‍්පවඞ‍්කො. සෙය්‍යථාපි ව්‍යග‍්ඝපජ‍්ජ, මහතො තළාකස‍්ස චත‍්තාරි චෙව ආයමුඛානි. චත‍්තාරි ච අපායමුඛානි, තස‍්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්‍ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්‍ය, දෙවො ච න සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡෙය්‍ය, එවං හි තස‍්ස ව්‍යග‍්ඝපජ‍්ජ මහතො තළාකස‍්ස හානියෙව පාටිකඞ‍්ඛා. නො වුද‍්ධී. එවමෙව ඛො ව්‍යග‍්ඝපජ‍්ජ, එවං සමුප‍්පන‍්නානං භොගානං චත‍්තාරි අපායමුඛානි හොන‍්ති: ඉත්‍ථිධුත‍්තො හොති සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො පාපමිත‍්තො පාපසහායො පාපසම‍්පවඞ‍්කො.

ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්ෂධූර්‍ත වෙයි, පවිටු යහළුවන් ඇති පාපසහායයන් ඇති පවිටනට බෙහෙවින් නැඹුරු වූ වෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් තඩාගයකට සතර ආයමුඛ (ආගමාන මාර්ග) කෙනෙක් ද සතර අපායමුඛ (විනාශ මාර්ග) කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුඛ වෙත් නම් ඔහු වසාලන්නේ වෙයි. යම්බඳු අපායමුඛ කෙනෙක් වෙත් නම් ඔහු විවර කෙරෙයි. මෙඝය ද මොනවට වැසී දහර නො වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහත් තඩාගයට හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් කැමති නො විය යුතු. ව්‍යග්ඝපජ්ජය, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට සතර අවාමුඛ කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්ෂධූර්‍ත වෙයි පවිටු මිතුරන් ඇතියේ පවිටු යහළුවන් ඇතියේ පවිටු මිතුරනට නැඹුරු වූවෙක් වෙයි.

එවං සමුප‍්පන‍්නානං ව්‍යග‍්ඝපජ‍්ජ, භොගානං චත‍්තාරි ආයමුඛානි හොන‍්ති. න ඉත්‍ථිධුත‍්තො හොති න සුරාධුත‍්තො න අක‍්ඛධුත‍්තො කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. සෙය්‍යථාපි ව්‍යග‍්ඝපජ‍්ජ, මහතො තළාකස‍්ස චත‍්තාරි චෙව ආයමුඛානි චත‍්තාරි චෙව අපායමුඛානි, තස‍්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්‍ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්‍ය, දෙවො ච සම‍්මා ධාරං අනුප‍්පවෙච‍්ඡෙය්‍ය, එවං හි තස‍්ස ව්‍යග‍්ඝපජ‍්ජ, මහතො තළාකස‍්ස වුද‍්ධියෙව පාටිකඞ‍්ඛා නො පරිහානි, එවමෙව ඛො ව්‍යග‍්ඝපජ‍්ජ, එවං සමුප‍්පන‍්නානං භොගානං චත‍්තාරි ආයමුඛානි හොන‍්ති න ඉත්‍ථිධුත‍්තො හොති, න සුරාධුත‍්තො න අක‍්ඛධුත‍්තො කල්‍යාණමිත‍්තො කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො.

ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධුර්‍ත නො වෙයි, සුරාධූර්‍ත නො වෙයි, අක්ෂධූර්‍ත නො වෙයි, කළණ මිතුරන් ඇති කළණ යහළුවන් ඇති කළණ යහළුවනට නැඹුරු වූවෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම් පරිදි මහත් වූ තඩාගයකට සතර ආයමුඛ කෙනෙක් ද සතර අපායමුඛ කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම් ආයමුඛයෝ වෙත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ කෙනෙක් වෙත් නම් ඒ වසා තබන්නේ වෙයි, මෙඝය ද මොනොවට වැසිදහර වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයා ගේ වෘද්ධීයෙක් ම කැමැති විය යුතු යි, පරිහානියෙක් නො වෙයි. ව්‍යග්ඝපජ්ජය, එපරිදි ම මෙසේ උපන් භොගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි, සුරාධුර්‍ත නො වෙයි, අක්ෂධූර්‍ත නො වෙයි කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති කළණයනට නැඹුරු වූවෙක් වෙයි.

ඉමෙ ඛො ව්‍යග‍්ඝපජ‍්ජ, චත‍්තාරො ධම‍්මා කුලපුත‍්තස‍්ස දිට‍්ඨධම‍්මහිතාය සංවත‍්තන‍්ති, දිට‍්ඨධම‍්මසුඛායාති.

ව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.

චත‍්තාරො මෙ ව්‍යග‍්ඝපජ‍්ජ, ධම‍්මා කුලපුත‍්තස‍්ස සම‍්පරායහිතාය සංවත‍්තන‍්ති සම‍්පරායසුඛාය. කතමෙ චත‍්තාරො: සද‍්ධාසම‍්පදා සීලසම‍්පදා චාගසම‍්පදා පඤ‍්ඤාසම‍්පදා.

ව්‍යග්ඝපජ්ජය, මේ සතර ධර්ම කෙනෙක් කුලපුත්හුගේ පරලොව්හි හිත පිණිස, පරලොව සුඛ පිණිස පවතිත්, කවර සතරධර්‍ම කෙනෙක් යත්: සද්ධාසම්පදා සීලම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා යි.

5. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ, සද‍්ධාසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො සද‍්ධො හොති සද‍්දහති තථාගතස‍්ස බොධිං: ඉති’පි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවාති. අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ සද‍්ධාසම‍්පදා.

5. ව්‍යග්ඝපජ්ජය, සද්ධාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බොධිය හදහයි: මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලොකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ යි. ව්‍යග්ඝපජ්ජය, මේ සද්ධාසම්පදා යි කියනු ලැබෙයි.

6. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ, සීලසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ කුලපුත‍්තො පාණාතිපාතා පටිවිරතො හොති අදින‍්නාදානා පටිවිරතො හොති කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතො හොති මුසාවාදා පටිවිරතො හොති සුරාමෙරය මජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති, අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ සීලසම‍්පදා.

6. ව්‍යග්ඝපජ්ජය, සීලසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, මද පමා දෙකට කරුණු රහමෙරින් වැළැක්කේ වේ. ව්‍යග්ඝපජ්ජය, මේ සීලසම්පදා යි කියනු ලැබේ.

7. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ චාගසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසති මුත‍්තචාගො පයතපාණි වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො, අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ චාගසම‍්පදා.

7. ව්‍යග්ඝපජ්ජය, චාගසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් දුරු කළ මසුරුමල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තේ දීමට දෙවු අත් ඇත්තේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුණේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ ගිහිගෙයි වෙසෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබෙයි.

8. කතමා ච ව්‍යග‍්ඝපජ‍්ජ පඤ‍්ඤාසම‍්පදා: ඉධ ව්‍යග‍්ඝපජ‍්ජ, කුලපුත‍්තො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො, අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා, අයං වුච‍්චති ව්‍යග‍්ඝපජ‍්ජ පඤ‍්ඤාසම‍්පදා.

8. ව්‍යග්ඝපජ්ජය, පඤ්ඤාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් උදයව්‍යයව යන නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ආර්‍ය්‍ය වූ ප්‍ර‍ඥාවෙන් සමන්වාගත වූයේ පැනවත් වෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ පඤ්ඤාසම්පදා යි කියනු ලැබේ.

ඉමෙ ඛො ව්‍යග‍්ඝපජ‍්ජ, චත‍්තාරො ධම‍්මා කුලපුත‍්තස‍්ස සම‍්පරායහිතාය සංවත‍්තන‍්ති සම‍්පරායසුඛායාති.

ව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හු ගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුඛ පිණිස පවත්නාහ යි.

1. උට‍්ඨාතා කම‍්මධෙය්‍යෙසු අප‍්පමත‍්තො විධානවා, සමං කප‍්පෙති ජීවිකං1 සම‍්භතං අනුරක‍්ඛති.

1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ නො පමා වූයේ සංවිධාන ඇත්තේ සමජීවිකා කෙරෙයි, සපයන ලද්ද රක්නේ ය.

2. සද‍්ධො සීලෙන සම‍්පන‍්නො වදඤ‍්ඤූ වීතමච‍්ඡරො, නිච‍්චං මග‍්ගං විසොධෙති සොත්‍ථානං සම‍්පරායිකං

2. සැදැහැතියේ සිල්සපන් වූයේ යැදි වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සුඛ දායක වූ සාම්පරායික මාර්ගය නිතර පිරිසිදු කෙරෙයි.

3. ඉච‍්චෙතෙ අට‍්ඨ ධම‍්මා ච සද‍්ධස‍්ස ඝරමෙසිනො, අක‍්ඛාතා සච‍්චනාමෙන උභයත්‍ථ සුඛාවහා.

3. මෙසේ තෙල අටදහම්හු සැදැහැති ගිහියාගේ දෙලොව සුව එළවත් යයි අවිතථ නම් බුදුන් විසින් පවසන ලදහ.

4. දිට‍්ඨධම‍්මහිතත්‍ථාය සම‍්පරායසුඛාය ච එවමෙතං ගහට‍්ඨානං චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති.

4. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙසේ ත්‍යාගය තෙමේ ගෘහස්ථයනට තෙල පින් වඩන්නේ යයි.