97. මහණෙනි, තොපට ප්‍රමාද විහරණ ඇත්තහු ද අප්‍රමාද විහරණ ඇත්තහු ද දෙශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කෙසේ නම් ප්‍රමාද විහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඥාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. කෙලෙසුන් ගෙන් තෙත් වූ සිත් ඇති ඔහුට ප්‍රමොදය (දුර්වලප්‍රීතිය) නො වේ. ප්‍රමොදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නොවේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසෙයි. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි (සමථ විදර්ශනා) දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමා විහරණ ඇත්තේ ය යි ගැනීමට යේ.
මහණෙනි සොතින්ද්‍රියයෙහි සංවර රහිතව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත ජිව්හාවිඤ්ඤාණයෙන් දතයුතු රසයන්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමොදය නො වේ … මහණෙනි කායින්ද්‍රියයෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි මනින්ද්‍රියෙහි සංවර රහිත ව වෙසෙන්නහුගේ සිත මනොවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි (කෙලෙසුන්ගෙන්) තෙත් කරනු ලැබේ. තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමොදය නො වේ. ප්‍රමෝදය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නො වූ කල්හි දහම් පහළ නො වේ. දහම් පහළ නො වීමෙන් පමාවිහරණ ඇත්තේම ය යි ගිනීමට යේ. මහණෙනි මෙසේ පමාවිහරණ ඇත්තේ වේ.
කථඤ්ච භික්ඛවෙ අප්පමාදවිහාරී හොති? චක්ඛුන්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං න ව්යාසිඤ්චති චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු, තස්ස අබ්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: මහණෙනි චක්ඛුන්ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ සිත චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු රූපයන්හි (කෙලෙසුන්ගෙන්) නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරනු ලැබූ සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟවෙයි. සිත එකඟ වූ කල්හි (සමථ විදර්ශනා) දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම ය යි ගිණීමට යේ.
සොතින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො –පෙ– ඝානින්ද්රිය සංවුතස්ස භික්ඛවෙ විහරතො –පෙ– ජිව්හින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො –පෙ– කායින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො –පෙ– මනින්ද්රියසංවුතස්ස භික්ඛවෙ විහරතො චිත්තං නබ්යාසිච්චති මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු, තස්ස අබ්යාසිත්තචිත්තස්ස පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො භික්ඛවෙ අප්පමාදවිහාරී හොතීති.
මහණෙනි, සෝතින්ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ඝානින්ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි ජිව්හින්ද්‍රියයෙහි සංවර සහිත ව වෙසෙන්නහුගේ … මහණෙනි කායින්ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නාහු ගේ … මහණෙනි මනින්ද්‍රියයෙහි සංවර සහිතව වෙසෙන්නහුගේ සිත මනොවිඤ්ඤාණයෙන් දතයුතු දහම්හි කෙලෙසුන්ගෙන් නො තෙත් කරනු ලැබේ. නො තෙත් කරන ලද සිත් ඇති ඔහුට ප්‍රමෝදය උපදී. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි දහම් පහළ වේ. දහම් පහළවීමෙන් නොපමා විහරණ ඇත්තේ ම යයි ගිණුමට යේ. මහණෙනි මෙසේ නොපමා විහරණ ඇත්තේ වෙ යි.