ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 1. උරග වර්ගය

1 - 2 ධනියසුත්‌තං

1 - 2 ධනිය සූත්‍රය

18.
‘‘පක්‌කොදනො දුද්‌ධඛීරොහමස්‌මි, (ඉති ධනියො ගොපො)
අනුතීරෙ මහියා සමානවාසො;
ඡන්‌නා කුටි ආහිතො ගිනි,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

18. (ධනියගොපලු මෙසේ කී:) මම සිදු කළ බත්කිස ඇතියෙම්, දෝනා ලද කිරි ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි අනුකූලපරිජනයා සමඟ වාස ඇතියෙම් වෙමි. වාසගෘහය (තෘණපර්ණච්ඡදනයෙන්) සෙවෙණි කරණ ලදී. ගිනි දල්වන ලදී. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.

19.
‘‘අක්‌කොධනො විගතඛිලොහමස්‌මි [විගතඛීලොහමස්‌මි (සී. පී.)], (ඉති භගවා)
අනුතීරෙ මහියෙකරත්‌තිවාසො;
විවටා කුටි නිබ්‌බුතො ගිනි,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

19. (බුදුහු මෙසේ වදාළෝ:) මම නොකිපෙන සැහැවි ඇතියෙම්, පහ වැ ගිය සිත්කණුපස ඇතියෙම්, ‘මහී’ ගංතෙර සමීපයෙහි ඒකරාත්‍රිවාස ඇතියෙම් වෙමි. (ආත්මභාවසඞ්ඛ්‍යාත) කුටිය (කෙලෙස්සියන් නැතියෙන්) විවෘත වියැ. (රාගාදී) ගිනි සන්හින. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.

20.
‘‘අන්‌ධකමකසා න විජ්‌ජරෙ, (ඉති ධනියො ගොපො)
කච්‌ඡෙ රූළ්‌හතිණෙ චරන්‌ති ගාවො;
වුට්‌ඨිම්‌පි සහෙය්‍යුමාගතං,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

20. (ධනියගොපලු මෙසේ කී:) කණමැස්සන් හා මදුරුවෝ (මෙහි) නැත. තණ නැඟි දෙණිකඩ බිමෙහි ගෙරි හී තණ කති. (ඔහු) අහසින් ආ වැසි ද ඉවසත්. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.

21.
‘‘බද්‌ධාසි භිසී සුසඞ්‌ඛතා, (ඉති භගවා)
තිණ්‌ණො පාරගතො විනෙය්‍ය ඔඝං;
අත්‌ථො භිසියා න විජ්‌ජති,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

21. (බුදුහු මෙසේ වදාළහ:) මොනොවට සකස් කළ පසුර බැඳ නිමවන ලදී. චතුරෝඝ තරණය කොට උත්තීර්ණ වූයෙම් පරතෙර ගියෙම් වෙමි. (දැන්) පසුරෙන් වැඩෙක් නැති. මේඝය, ඉදින් රිසියෙහි නම් වැසි එළව.

22.
‘‘ගොපී මම අස්‌සවා අලොලා, (ඉති ධනියො ගොපො)
දීඝරත්‌තං [දීඝරත්‌ත (ක.)] සංවාසියා මනාපා;
තස්‌සා න සුණාමි කිඤ්‌චි පාපං,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

22. (ධනිය ගොපලු මෙසේ කී:) මාගේ ගෙවිලිය කීකරු යැ (ආහාරාදීන්) ලොල් නො වූ යැ. දීර්ඝරාත්‍රියෙහි සමගි වාස ඇත්තී මනාපචාරී වූ යැ. ඇයගේ කිසි දූ පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

23.
‘‘චිත්‌තං මම අස්‌සවං විමුත්‌තං, (ඉති භගවා)
දීඝරත්‌තං පරිභාවිතං සුදන්‌තං;
පාපං පන මෙ න විජ්‌ජති, අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

23. (බුදුහු මෙසේ වදාළෝ:) මාගේ සිත වසඟ විය. (කෙලෙසුන් කෙරෙන්) මිදින, දීර්ඝරාත්‍රියෙහි පරිභාවිත විය, මොනොවට දැමුනේ විය. මාගේ පවෙක් නම් නැත. මේඝය ඉදින් කැමැතියෙහි නම් වර්ෂණය කර.

24.
‘‘අත්‌තවෙතනභතොහමස්‌මි, (ඉති ධනියො ගොපො)
පුත්‌තා ච මෙ සමානියා අරොගා;
තෙසං න සුණාමි කිඤ්‌චි පාපං,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

24. (ධනියගෝපාල මෙසේ කී:) මම සිය වැටුපින් පුස්නා ලද්දෙමි. මාගේ පුත්‍රයෝ ද (මා හා) සන්නිහිත වූවාහු නිරාබාධයහ. උන්ගේ කිසිදු පවක් නො අසමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

25.
‘‘නාහං භතකොස්‌මි කස්‌සචි, (ඉති භගවා)
නිබ්‌බිට්‌ඨෙන චරාමි සබ්‌බලොකෙ;
අත්‌ථො භතියා න විජ්‌ජති,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

25. (බුදුහු මෙසේ වදාළෝ:) මම කිසිවක් හට බැළයෙකිම් නො වෙමි. මුළුලොව්හි මිදීගිය බැළමෙහෙයෙන් හැසිරෙමි. බැළයෙන් (මට) වැඩෙක් නැති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

26.
‘‘අත්‌ථි වසා අත්‌ථි ධෙනුපා, (ඉති ධනියො ගොපො)
ගොධරණියො පවෙණියොපි අත්‌ථි;
උසභොපි ගවම්‌පතීධ අත්‌ථි,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

26. (ධනියගෝපාල මෙසේ කී:) මට නහඹු වස්සෝ ඇත. දෙනගේ කිරි බොන වස්සෝ ද ඇත. ගැබිනි දෙන්නු ද ඇත. ප්‍රවේණි ඝටනාවට නිසි දෙන්නු ද ඇත. මේ ගවමඬලෙහි ගවම්පති වෘෂභයෝ ද ඇත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

27.
‘‘නත්‌ථි වසා නත්‌ථි ධෙනුපා, (ඉති භගවා)
ගොධරණියො පවෙණියොපි නත්‌ථි;
උසභොපි ගවම්‌පතීධ නත්‌ථි,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

27. (බුදුහු මෙසේ වදාළෝ:) මට නහඹු වස්සෝ නැත. දෙනගේ කිරි බොන වස්සෝ ද නැත. ගැබිනි දෙන්නු ද නැත. ප්‍රවෙණි ඝටනා කරන දෙන්නු ද නැත. මෙහි ගවම්පති වෘෂභයෝ ද නැත. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

28.
‘‘ඛිලා නිඛාතා අසම්‌පවෙධී, (ඉති ධනියො ගොපො)
දාමා මුඤ්‌ජමයා නවා සුසණ්‌ඨානා;
න හි සක්‌ඛින්‌ති ධෙනුපාපි ඡෙත්‌තුං [ඡෙතුං (ක.)],
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

28. (ධනියගෝපාල මෙසේ කී:) නො සැලෙන ටැම්හු සිටුනා ලදහ. මුදුතණමුවා මනාසටහන් ඇති අලුත් දාමයෝ ඇත. කිරිබොන නහඹු වස්සෝ ද එය නොසිඳියහෙති. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි එළව.

29.
‘‘උසභොරිව ඡෙත්‌ව [ඡෙත්‌වා (ස්‍යා. ක.)] බන්‌ධනානි, (ඉති භගවා)
නාගො පූතිලතංව දාලයිත්‌වා [පූතිලතං පදාලයිත්‌වා (ස්‍යා. ක.)];
නාහං පුනුපෙස්‌සං [පුන උපෙස්‌සං (සී. ස්‍යා. කං. පී.), පුනුපෙය්‍ය (ක.)] ගබ්‌භසෙය්‍යං,
අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’.

29. (බුදුහු මෙසේ වදාළහ:) බන්‍ධනයෙන් සිඳ යන වෘෂභයකු සෙයින් ද පූතිලතාවක් කඩා යන ඇතකු සෙයින් ද මම යළිත් ගර්භශනයට නො පැමිණෙමි. මේඝය ඉදින් රිසියෙහි නම් වැසි වස්ව.

30.
‘‘නින්‌නඤ්‌ච ථලඤ්‌ච පූරයන්‌තො,
මහාමෙඝො පවස්‌සි තාවදෙව;
සුත්‌වා දෙවස්‌ස වස්‌සතො,
ඉමමත්‌ථං ධනියො අභාසථ.

30. එකෙණෙහිම මැ වළ හා ගොඩ හා පුරවමින් මහමේ (වැසි) වට. වස්නා වැසිහඬ අසා ධනිය ගෝපාල මෙ කරුණ කී:

31.
‘‘ලාභා වත නො අනප්‌පකා,
යෙ මයං භගවන්‌තං අද්‌දසාම;
සරණං තං උපෙම චක්‌ඛුම,
සත්‌ථා නො හොහි තුවං මහාමුනි.

31. යම් අපි භාග්‍යවතුන් වහන්සේ දක්මෝ ද (එයින්) අපට අනල්ප වූ ලාභයෙක් මැ යැ. භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ සරණ කොට යම්හ. මහා මුනි වූ භාග්‍යවතුන් වහන්ස, නුඹවහන්සේ අපට ශාස්තෘ වන සේක්වා.

32.
‘‘ගොපී ච අහඤ්‌ච අස්‌සවා,
බ්‍රහ්‌මචරියං [බ්‍රහ්‌මචරිය (ක.)] සුගතෙ චරාමසෙ;
ජාතිමරණස්‌ස පාරගූ [පාරගා (සී. ස්‍යා. කං. පී.)],
දුක්‌ඛස්‌සන්‌තකරා භවාමසෙ’’.

32. ගොපිය ද මම ද කීකරු වැ සුගතයන් වහන්සේ වෙත, බඹසර වස් වසම්හ. ජාතිමරණයාගේ පාරයට යන්නමෝ වම්හ. දුක් කෙළවර කරන්නමෝ වම්හ.

33.
‘‘නන්‌දති පුත්‌තෙහි පුත්‌තිමා, (ඉති මාරො පාපිමා)
ගොමා [ගොමිකො (සී. පී.), ගොපිකො (ස්‍යා. කං.), ගොපියො (ක.)] ගොහි තථෙව නන්‌දති;
උපධී හි නරස්‌ස නන්‌දනා,
න හි සො නන්‌දති යො නිරූපධි’’.

33. (පවිටු මර මෙසේ කී:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන සතුටු වෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසේ මැ සතුටු වෙයි. මිනිසාට උපධීහු මැ නන්දන වෙති. යමෙක් උපධි රහිත වූයේ ද හේ නන්දන නො කෙරේ.

34.
‘‘සොචති පුත්‌තෙහි පුත්‌තිමා, (ඉති භගවා)
ගොපියො ගොහි තථෙව සොචති;
උපධී හි නරස්‌ස සොචනා,
න හි සො සොචති යො නිරූපධී’’ති.

34. (බුදුහු මෙසේ වදාළෝ:) පුතුන් ඇතියේ පුතුන් හේතු කොටගෙන ශෝක කෙරෙයි. ගවහිමි ගවයන් හේතු කොටගෙන එසෙයින් මැ ශෝක කෙරේ. මිනිසාට උපධීහු මැ සෝචනාවෝ යැ. යමෙක් උපධි රහිත වූයේ ද හේ ශෝක නො කෙරේ මැ යි.

ධනිය සුත්තං නිට්ඨිතං.

ධනිය සූත්‍ර‍ය නිමි.