ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 1. උරග වර්ගය

1 - 4 කසිභාරද්‌වාජසුත්‌තං

1 - 4 කසීභාරද්‌වාජ සූත්‍රය

එවං මෙ සුතං:

මා විසින් මෙසේ අසන ලද:

එකං සමයං භගවා මගධෙසු විහරති දක්‌ඛිණාගිරිස්‌මිං [දක්‌ඛිණගිරිස්‌මිං (ක.)] එකනාළායං බ්‍රාහ්‌මණගාමෙ. තෙන ඛො පන සමයෙන කසිභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස පඤ්‌චමත්‌තානි නඞ්‌ගලසතානි පයුත්‌තානි හොන්‌ති වප්‌පකාලෙ.

එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ මගධදනවුයෙහි දක්ඛිණාගිරියෙහි ‘එකනාළා’ නම් බමුණුගම්හි වැඩවසනසේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු විසින් වප්දවස්හි පන්සියයක් පමණ නගුල් යොදනලද වෙයි.

අථ ඛො භගවා පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය යෙන කසිභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස කම්‌මන්‌තො තෙනුපසඞ්‌කමි. තෙන ඛො පන සමයෙන කසිභාරද්‌වාජස්‌ස බ්‍රාහ්‌මණස්‌ස පරිවෙසනා වත්‌තති. අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා එකමන්‌තං අට්‌ඨාසි. අද්‌දසා ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවන්‌තං පිණ්‌ඩාය ඨිතං. දිස්‌වාන භගවන්‌තං එතදවොච –

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරුගෙණ කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්මාන්තස්ථානය කරා වැඩිසේක. එසමයෙහි කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ බත්පිරිවිසීම ඇත. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිදැ හිඳුනාතැන් කරා වැඩිසේක. වැඩැ එකත්පසෙක සිටිසේක. කසීභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දිටී. දැකැ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය:

‘‘අහං ඛො, සමණ, කසාමි ච වපාමි ච; කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමි. ත්‌වම්‌පි, සමණ, කසස්‌සු ච වපස්‌සු ච; කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජස්‌සූ’’ති.

“මහණ මම සී සාමි, වපුරමි. සී සා, වපුට වළද කෙරෙමි. මහණ, තොයිත් සී සා, වපුර. සී සා වපුට වළඳව”යි

‘‘අහම්‌පි ඛො, බ්‍රාහ්‌මණ, කසාමි ච වපාමි ච; කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමී’’ති.

“බමුණ, මමත් සී සාමි, බිජුවට වපුරමි. සී සා වපුට වළඳමි”යි.

‘‘න ඛො පන මයං [න ඛො පන සමණ (ස්‍යා.)] පස්‌සාම භොතො ගොතමස්‌ස යුගං වා නඞ්‌ගලං වා ඵාලං වා පාචනං වා බලිබද්‌දෙ [බලිවද්‌දෙ (සී. පී.), බලීබද්‌දෙ (?)] වා. අථ ච පන භවං ගොතමො එවමාහ – ‘අහම්‌පි ඛො, බ්‍රාහ්‌මණ, කසාමි ච වපාමි ච; කසිත්‌වා ච වපිත්‌වා ච භුඤ්‌ජාමී’’’ති.අථ ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි –

“අපි භවත් ගෞතමයන්ගේ වියගස වේවයි, නගුල් වේවයි, හීවැල් වේවයි, කෙවිට වේවයි, ගෙරිසරක් වේවයි නොදක්මහ. එතෙකුදුවූවත් බවත් ගෞතම මෙසේ කියයි; මම ද බමුණ සී සාමි, වපුරමි, සී සා වපුට වළඳමි” ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:

76.
‘‘කස්‌සකො පටිජානාසි, න ච පස්‌සාම තෙ කසිං;
කසිං නො පුච්‌ඡිතො බ්‍රෑහි, යථා ජානෙමු තෙ කසිං’’.

76. ‘(තෙපි)‘කර්‍ෂකයෙමි’යි ප්‍ර‍තිඥා කරව. තොපගේ කෘෂිභාණ්ඩ නො ද කුම්හ. යම් පරිද්දෙකින් තොපගේ කෘෂිභාණ්ඩ දනුමෝ නම්, එපරිද්දෙන් පුළුවුස්නාලද තෙපි අපට කෘෂිභාණ්ඩ කියව’යි.

77.
‘‘සද්‌ධා බීජං තපො වුට්‌ඨි, පඤ්‌ඤා මෙ යුගනඞ්‌ගලං;
හිරී ඊසා මනො යොත්‌තං, සති මෙ ඵාලපාචනං.

77. මාගේ ශ්‍ර‍ද්ධාව බිජුවට වෙයි. තපස වැසිදහර වෙයි, ප්‍ර‍ඥාව විය හා නගුල් වෙයි. හිරිය නගුලිස් වෙයි. චිත්තය වියරැහැන් වෙයි. ස්මෘතිය මාගේ හීවැල හා කෙවිට යි.

78.
‘‘කායගුත්‌තො වචීගුත්‌තො, ආහාරෙ උදරෙ යතො;
සච්‌චං කරොමි නිද්‌දානං, සොරච්‌චං මෙ පමොචනං.

78. (ත්‍රිවිධ) කායසුචරිතයෙන් ගුප්තයෙමි. (චතුර්විධ) වාක්සුචරිතයෙන් ගුප්තයෙමි. සිවුපසෙහි (භොජනයෙහි) දු (මාත්‍රඥතායෙන්) සංයතයෙමි. අවිසංවාදන සඞ්ඛ්‍යාත සත්‍යයෙන් කෑම්පීම් කෙරෙමි. (නිවනෙහි ඇලෙන හෙයින් අර්හත් ඵල සඞ්ඛ්‍යාත) සුරතභාවය මාගේ විය මිදීම වෙයි.

79.
‘‘වීරියං මෙ ධුරධොරය්‌හං, යොගක්‌ඛෙමාධිවාහනං;
ගච්‌ඡති අනිවත්‌තන්‌තං, යත්‌ථ ගන්‌ත්‌වා න සොචති.

79. (නිර්‍වාණසඞ්ඛ්‍යාත) යම් ක්ෂේමයකට ගොස් ශෝක නොකෙරේ නම් ඒ යෝගක්ෂේම (නිර්‍වාණ) ය කරා නො නවත්වමින් යන සම්‍යක්ප්‍ර‍ධානවීර්‍ය්‍යය මාගේ ධුරවාහක වෙයි.

80.
‘‘එවමෙසා කසී කට්‌ඨා, සා හොති අමතප්‌ඵලා;
එතං කසිං කසිත්‌වාන, සබ්‌බදුක්‌ඛා පමුච්‌චතී’’ති.

80. මෙසෙයින් (මා විසින් ) තෙල සීසෑම කරන ලදී. ඒ කෘෂිකර්මය අමා ඵල ඇති. තෙල ඇත. තෙල කෘෂිකර්මය කොට සී සා හැම දුකින් මිදේය”යි.

අථ ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො මහතියා කංසපාතියා පායසං [පායාසං (සබ්‌බත්‌ථ)] වඩ්‌ඪෙත්‌වා භගවතො උපනාමෙසි – ‘‘භුඤ්‌ජතු භවං ගොතමො පායසං. කස්‌සකො භවං; යං හි භවං ගොතමො අමතප්‌ඵලං [අමතප්‌ඵලම්‌පි (සං. නි. 1.197)] කසිං කසතී’’ති.

එක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණ මහරන්තලියෙක්හි කිරිපිඩු වඩා “යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්සේ අමෘත ඵලවත් කෘෂිකර්ම කරන්නාහු නම්, භවත් ගෞතමයන් වහන්සේ එබඳු කර්ෂක (ගොවි ) වන්නාහ. භවත් ගෞතමයෝ පායාස වළඳවත්වා”යි. භාග්‍යවතුන් වහන්සේට පිරිනැමී.

81.
‘‘ගාථාභිගීතං මෙ අභොජනෙය්‍යං,
සම්‌පස්‌සතං බ්‍රාහ්‌මණ නෙස ධම්‌මො;
ගාථාභිගීතං පනුදන්‌ති බුද්‌ධා,
ධම්‌මෙ සතී බ්‍රාහ්‌මණ වුත්‌තිරෙසා.

81. බ්‍රාහ්මණය, ගාථාභිගීත වූ (ගී ගැයුමින් ලත්) පායාසය මා විසින් වළඳනට නො නිසි යැ. සම්‍යක්ආජීවපාරිශුද්ධිය දක්නා බුදුවරයනට තෙල (චාරිත්‍ර) ධර්ම නොවේ. සර්‍වඥයෝ ගාථාභිගීත භෝජනය පිළිකෙවු කෙරෙති. බ්‍රාහ්මණය, චාරිත්‍ර‍ධර්මය (ලොව්හි) පවතිත් ම ඒකාන්තව්‍යවදාත වූ පය්‍යෙර්‍ෂණය (බුදුවරුන්ගේ) ජීවිතවෘත්තිය වෙයි.

82.
‘‘අඤ්‌ඤෙන ච කෙවලිනං මහෙසිං,
ඛීණාසවං කුක්‌කුච්‌චවූපසන්‌තං;
අන්‌නෙන පානෙන උපට්‌ඨහස්‌සු,
ඛෙත්‌තං හි තං පුඤ්‌ඤපෙක්‌ඛස්‌ස හොතී’’ති.

82 (සර්‍වගුණයෙන් පිරිපුන් හෙයින්) කේවලි වූ මහර්ෂී වූ ක්ෂීණාස්‍ර‍ව වූ සන්සුන් කුකුස් ඇති බුදුනුට අන්‍ය ආහාරපානයෙකින් ම උවටන් කරව. යම් හෙයෙකින් ඒ පින් කැමැතියහුට පින්කෙත් වේ ද, එහෙයිනි.

‘‘අථ කස්‌ස චාහං, භො ගොතම, ඉමං පායසං දම්‌මී’’ති?

භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් ම මෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.

‘‘න ඛ්‌වාහං තං, බ්‍රාහ්‌මණ, පස්‌සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්‌මකෙ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය, යස්‌ස සො පායසො භුත්‌තො සම්‌මා පරිණාමං ගච්‌ඡෙය්‍ය, අඤ්‌ඤත්‍ර තථාගතස්‌ස වා තථාගතසාවකස්‌ස වා. තෙන හි ත්‌වං, බ්‍රාහ්‌මණ, තං පායසං අප්‌පහරිතෙ වා ඡඩ්‌ඩෙහි අප්‌පාණකෙ වා උදකෙ ඔපිලාපෙහී’’ති.

බමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍ර‍ජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළදන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි. බමුණ, එකරුණින් තෝ ඒ පායාසය නිල්තණ නැති බිමෙක් හෝ දමව. (එයින් නැසෙන) ප්‍රාණීන් රහිත දියෙහි හෝ උල්පවාලවයි.

අථ ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො තං පායසං අප්‌පාණකෙ උදකෙ ඔපිලාපෙසි. අථ ඛො සො පායසො උදකෙ පක්‌ඛිත්‌තො චිච්‌චිටායති චිටිචිටායති සන්‌ධූපායති සම්‌පධූපායති [සන්‌ධූමායති සම්‌පධූමායති (ස්‍යා.)]. සෙය්‍යථාපි නාම ඵාලො දිවසං සන්‌තත්‌තො [දිවසසන්‌තත්‌තො (සී. ස්‍යා. කං. පී.)] උදකෙ පක්‌ඛිත්‌තො චිච්‌චිටායති චිටිචිටායති සන්‌ධූපායති සම්‌පධූපායති; එවමෙව සො පායසො උදකෙ පක්‌ඛිත්‌තො චිච්‌චිටායති චිටිචිටායති සන්‌ධූපායති සම්‌පධූපායති.

ඉක්බිති කසීභාරද්වාජ බමුණු ඒ පායාසය ප්‍රාණීන් රහිත දියෙහි උල්පවාලීය. එකල්හි ඒ පායාසය. දියෙහි බහාලන ලදුයේ, චිච්චිට යන අනුකරණ කෙරෙයි. චිටිචිටි යන අනුකරණ කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමයි. යම් සේ දවසක් තැවුනු සීවැලෙක් දියෙහි බහාලනුලදුයේ චිව්චිට යන අනුකරණ කෙරේ ද, හාත්පසින් දුමා ද. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමා ද, එසෙයින් මැ ඒ පායාසය දියෙහි බහාලන ලදුයේ චිව්චිට යන ශබ්ද කෙරෙයි. චිටිචිටි යන ශබ්ද කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍ර‍ව හාත්පසින් දුමයි.

අථ ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො සංවිග්‌ගො ලොමහට්‌ඨජාතො යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං එතදවොච –

එකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණ සංවිග්න වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ පාමුල්හි හිසින් වැඳ හෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේය:

‘‘අභික්‌කන්‌තං, භො ගොතම, අභික්‌කන්‌තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්‌කුජ්‌ජිතං වා උක්‌කුජ්‌ජෙය්‍ය, පටිච්‌ඡන්‌නං වා විවරෙය්‍ය, මූළ්‌හස්‌ස වා මග්‌ගං ආචික්‌ඛෙය්‍ය, අන්‌ධකාරෙ වා තෙලපජ්‌ජොතං ධාරෙය්‍ය, චක්‌ඛුමන්‌තො රූපානි දක්‌ඛන්‌තීති [දක්‌ඛින්‌තීති (සී. ස්‍යා. කං. පී.)]; එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්‌මො පකාසිතො. එසාහං භවන්‌තං ගොතමං සරණං ගච්‌ඡාමි ධම්‌මඤ්‌ච භික්‌ඛුසඞ්‌ඝඤ්‌ච, ලභෙය්‍යාහං භොතො ගොතමස්‌ස සන්‌තිකෙ පබ්‌බජ්‌ජං, ලභෙය්‍යං උපසම්‌පද’’න්‌ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ, භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවැ, ගෞතමයන් වහන්ස, යම් සේ වනාහි යටිකුරු කොට තබනලද්දක් උඩුකුරු කොට තබන්නේ වේ ද, පිළිසන් වූවක් වැසුම් හරණේ වේ ද, මංමුළා වූවකුට හෝ මග කියන්නේ වේද, ඇසි ඇත්තාහු රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්අයුරින් ධර්මය දෙසන ලද. මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මයද භික්ෂුසඞ්ඝයා ද සරන කොට යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවැදි ලබම්වා උපසපුව ලබම්වයි.

අලත්‌ථ ඛො කසිභාරද්‌වාජො බ්‍රාහ්‌මණො භගවතො සන්‌තිකෙ පබ්‌බජ්‌ජං, අලත්‌ථ උපසම්‌පදං. අචිරූපසම්‌පන්‌නො ඛො පනායස්‌මා භාරද්‌වාජො එකො වූපකට්‌ඨො අප්‌පමත්‌තො ආතාපී පහිතත්‌තො විහරන්‌තො නචිරස්‌සෙව – යස්‌සත්‌ථාය කුලපුත්‌තා සම්‌මදෙව අගාරස්‌මා අනගාරියං පබ්‌බජන්‌ති,

කසීභාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ලැබී ය. උපසපුව ලැබී ය. උපසපුව ලැබූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ එකලා වූයේ කයින් සිතින් වෙන්වූයේ නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ යම් රහත් පලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට මැ ගිහිගෙන් නික්මැ පැවිද්දවට පැමිණෙත් ද,

තදනුත්‌තරං – බ්‍රහ්‌මචරියපරියොසානං දිට්‌ඨෙව ධම්‌මෙ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායා’’ති අබ්‌භඤ්‌ඤාසි. අඤ්‌ඤතරො ච [අඤ්‌ඤතරො ච ඛො (සී. පී.), අඤ්‌ඤතරො ඛො (ස්‍යා. කං. ක.)] පනායස්‌මා භාරද්‌වාජො අරහතං අහොසීති.

මාර්‍ගබ්‍ර‍හ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති එ අර්හත් ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් දැනැ පසක් කොට සපයා විසී. ජාතිය ක්ෂීණ වූ යැ, සසුන් බ්‍ර‍ම්සර මගබ්‍රම්සර වස් වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු සොළොස් වැදෑරුම් කරණි කරණී කරණ ලද, පිළිමෙබවට නො එමි යි දැනගති. ආයුෂ්මත් භාරද්වාජ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී යයි.

කසිභාරද්‌වාජසුත්‌තං නිට්‌ඨිතං.

කසීභාරද්වාජ සූත්‍ර‍ය නිමි.