1. එවං මෙ සුතං – එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො මහතා භික්‌ඛුසඞ්‌ඝෙන සද්‌ධිං යෙන පාටලිගාමො තදවසරි. අස්‌සොසුං ඛො පාටලිගාමියා [පාටලිගාමිකා (දී. නි. 2.148)] උපාසකා – ‘‘භගවා කිර මගධෙසු චාරිකං චරමානො මහතා භික්‌ඛුසඞ්‌ඝෙන සද්‌ධිං පාටලිගාමං අනුප්‌පත්‌තො’’ති. අථ ඛො පාටලිගාමියා උපාසකා යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නා ඛො පාටලිගාමියා උපාසකා භගවන්‌තං එතදවොචුං – ‘‘අධිවාසෙතු නො, භන්‌තෙ, භගවා ආවසථාගාර’’න්‌ති. අධිවාසෙසි භගවා තුණ්‌හීභාවෙන.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලිග්‍රාමයට වැඩි සේක. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලියගාමියට වැඩි සේක් වනැ’යි පාටලිගම් වැසි උපාසකයෝ ඇසූහ. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳගත් පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසන සේක්වා’යි කීහ: භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
2. අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො අධිවාසනං විදිත්‌වා උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා යෙනාවසථාගාරං තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා සබ්‌බසන්‌ථරිං ආවසථාගාරං සන්‌ථරිත්‌වා ආසනානි පඤ්‌ඤාපෙත්‌වා උදකමණිකං පතිට්‌ඨාපෙත්‌වා තෙලප්‌පදීපං ආරොපෙත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨංසු. එකමන්‌තං ඨිතා ඛො පාටලිගාමියා උපාසකා භගවන්‌තං එතදවොචුං – ‘‘සබ්‌බසන්‌ථරිසන්‌ථතං [සබ්‌බසන්‌ථරිං සන්‌ථතං (සී. ස්‍යා. පී.)], භන්‌තෙ, ආවසථාගාරං; ආසනානි පඤ්‌ඤත්‌තානි; උදකමණිකො පතිට්‌ඨාපිතො [උදකමණිකං පතිට්‌ඨාපිතං (ස්‍යා.)] තෙලප්‌පදීපො ආරොපිතො. යස්‌සදානි, භන්‌තෙ, භගවා කාලං මඤ්‌ඤතී’’ති.
2. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට ආවාස ගෙය කරා එළැඹියහ. එළැඹ ආවාස ගෙය මුළුල්ල ම ඇතිරි අතුට, අසුන් පනවා, මහ දියසැළක් තබා, තෙල්පහන් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, ආවාස ගෙය මුළුල්ල ම ඇතිරියෙන් ඇතිරිණි. අසුන් පැනැවිණ. දියසැළක් තැබිණ. වහන්ස, යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ කල්දන්නා සේක් නම්, දැන් එයට කල් යැ යි සලකන සේක් වා”යී සැළ කළහ.
3. අථ ඛො භගවා නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සද්‌ධිං භික්‌ඛුසඞ්‌ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා පාදෙ පක්‌ඛාලෙත්‌වා ආවසථාගාරං පවිසිත්‌වා මජ්‌ඣිමං ථම්‌භං නිස්‌සාය පුරත්‌ථාභිමුඛො නිසීදි. භික්‌ඛුසඞ්‌ඝොපි ඛො පාදෙ පක්‌ඛාලෙත්‌වා ආවසථාගාරං පවිසිත්‌වා පච්‌ඡිමං භිත්‌තිං නිස්‌සාය පුරත්‌ථාභිමුඛො නිසීදි භගවන්‌තංයෙව පුරක්‌ඛත්‌වා. පාටලිගාමියාපි ඛො උපාසකා පාදෙ පක්‌ඛාලෙත්‌වා ආවසථාගාරං පවිසිත්‌වා පුරත්‌ථිමං භිත්‌තිං නිස්‌සාය පච්‌ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්‌තංයෙව පුරක්‌ඛත්‌වා.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙන බික්සඟන හා ආවාස ගෙය කරා වැඩි සේක. වැඩ පා දෙවැ ආවාස ගෙට පිවිසැ, මැදුම් ටැඹට පිටදී පෙරදිගට මුහුණ ලා වැඩ හුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් දිගැ බිත්තියට පිටු දී පැසිම් පෙරදිගට මුහුණ ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොටැ හුන්හ. පාටලිගම් වැසි උපාසකයෝ ද පා දෙවැ ආවාස ගෙට වැද, පෙර දිගැ බිත්තියට පිටු දී පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳ ගත්හ.
4. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ ආමන්‌තෙසි – ‘‘පඤ්‌චිමෙ, ගහපතයො, ආදීනවා දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා. කතමෙ පඤ්‌ච?
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්ති මේ දොස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ඉධ, ගහපතයො, දුස්‌සීලො සීලවිපන්‌නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්‌ඡති. අයං පඨමො ආදීනවො දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
ගැහැවියනි, මෙහි දුසිල් තෙම බුන් සංවර ඇතියේ පමා හෙයින් මහත් භොගපරිහාණියට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පළමු වන දොස ය.
‘‘පුන චපරං, ගහපතයො, දුස්‌සීලස්‌ස සීලවිපන්‌නස්‌ස පාපකො කිත්‌තිසද්‌දො අබ්‌භුග්‌ගච්‌ඡති. අයං දුතියො ආදීනවො දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල්හුගේ ලාමක වූ අපකීර්තිශබ්දයෙක් පැන නඟී. මේ දුසිල්හුගේ සිල්විපත්හි දෙවන වන දොස ය.
‘‘පුන චපරං, ගහපතයො, දුස්‌සීලො සීලවිපන්‌නො යඤ්‌ඤදෙව පරිසං උපසඞ්‌කමති – යදි ඛත්‌තියපරිසං, යදි බ්‍රාහ්‌මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං – අවිසාරදො උපසඞ්‌කමති මඞ්‌කුභූතො. අයං තතියො ආදීනවො දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කැත්පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙද නැත්තේ මකු වූයේ (බිමට හෙළූ මුහුණ ඇත්තේ) එළැඹේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි තෙවන දොස ය.
‘‘පුන චපරං, ගහපතයො, දුස්‌සීලො සීලවිපන්‌නො සම්‌මූළ්‌හො කාලං කරොති. අයං චතුත්‌ථො ආදීනවො දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ සිල්විපත්හි සිවුවන දොස ය.
‘‘පුන චපරං, ගහපතයො, දුස්‌සීලො සීලවිපන්‌නො කායස්‌ස භෙදා පරං මරණා අපායං දුග්‌ගතිං විනිපාතං නිරයං උපපජ්‌ජති. අයං පඤ්‌චමො ආදීනවො දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට තැන් වූ විවස වැ වැටන තැන් වූ නිරයට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පස්වන දොස ය.
ඉමෙ ඛො, ගහපතයො, පඤ්‌ච ආදීනවා දුස්‌සීලස්‌ස සීලවිපත්‌තියා.
ගැහැවියනි, මොහු වනාහි දුසිල්හුගේ සිල්විපත් දොස් පස ය.
5. ‘‘පඤ්‌චිමෙ, ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්‌පදාය. කතමෙ පඤ්‌ච?
5. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සැපත්හි (ශීලසම්පත්තියේ) මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ඉධ, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො අප්‌පමාදාධිකරණං මහන්‌තං භොගක්‌ඛන්‌ධං අධිගච්‌ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.
ගැහැවියනි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්ත වූයේ නො පමා හෙයින් මහත් භොග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පළමු අනුසස ය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවතො සීලසම්‌පන්‌නස්‌ස කල්‍යාණො කිත්‌තිසද්‌දො අබ්‌භුග්‌ගච්‌ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්තයාගේ උතුම් යසගොසෙක් පැන නගී. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ දෙවන අනුසස ය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො යඤ්‌ඤදෙව පරිසං උපසඞ්‌කමති – යදි ඛත්‌තියපරිසං, යදි බ්‍රාහ්‌මණපරිසං, යදි ගහපතිපරිසං, යදි සමණපරිසං – විසාරදො උපසඞ්‌කමති අමඞ්‌කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්ත වූ තැනැත්තේ කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙදැත්තේ බිය නැත්තේ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ තෙවන අනුසස ය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො අසම්‌මූළ්‌හො කාලඞ්‌කරොති. අයං චතුත්‌ථො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ නොමුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ සිවුවන අනුසස ය.
‘‘පුන චපරං, ගහපතයො, සීලවා සීලසම්‌පන්‌නො කායස්‌ස භෙදා පරං මරණා සුගතිං සග්‌ගං ලොකං උපපජ්‌ජති. අයං පඤ්‌චමො ආනිසංසො සීලවතො සීලසම්‌පදාය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ පස්වන අනුසස ය.
ඉමෙ ඛො, ගහපතයො, පඤ්‌ච ආනිසංසා සීලවතො සීලසම්‌පදායා’’ති.
ගැහැවියෙනි, මොහු වනාහි සිල්වත්හුගේ ශිලසම්පත්තියේ අනුසස් පස ය.
6. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්‌තිං ධම්‌මියා කථාය සන්‌දස්‌සෙත්‌වා සමාදපෙත්‌වා සමුතෙජෙත්‌වා සම්‌පහංසෙත්‌වා උය්‍යොජෙසි – ‘‘අභික්‌කන්‌තා ඛො, ගහපතයො, රත්‌ති; යස්‌සදානි තුම්‌හෙ කාලං මඤ්‌ඤථා’’ති. [‘‘එවං භන්‌තෙ‘‘ති ඛොපාටලිගාමියා උපාසකා භගවතො පටිස්‌සුත්‌වා (මහාව. 285; දී. නි. 2.151)] අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො භාසිතං අභිනන්‌දිත්‌වා අනුමොදිත්‌වා [‘‘එවං භන්‌තෙ‘‘ති ඛොපාටලිගාමියා උපාසකා භගවතො පටිස්‌සුත්‌වා (මහාව. 285; දී. නි. 2.151)] උට්‌ඨායාසනා භගවන්‌තං අභිවාදෙත්‌වා පදක්‌ඛිණං කත්‌වා පක්‌කමිංසු. අථ ඛො භගවා අචිරපක්‌කන්‌තෙසු පාටලිගාමියෙසු උපාසකෙසු සුඤ්‌ඤාගාරං පාවිසි.
6. භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයනට රෑ බොහෝ වේලා ධර්‍මකථායෙන් ශීලාදි ප්‍රතිපත් දක්වා එය මොනොවට ගන්වා, එහි උත්සාහවත් කරවා, එහි සතුටු කරවා, ඉක්බිති ‘ගැහැවියනි, රැය ඉක්මිණ. තොපට යන්නට කාලය ය. එබැවින් යන්නැ’යි ඔවුන් යැවූ සේක. එකල්හි පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදර කොට පිළිගෙන අනුමෝවැ හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මුණහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පාටලි ගම් වැසි උපාසකයන් නික්මුණු නොබෝ වේලායෙහි ශූන්‍යාගාරයට පිවිසි සේක.
7. තෙන ඛො පන සමයෙන සුනිධවස්‌සකාරා [සුනීධවස්‌සකාරා (සී. ස්‍යා. පී.)] මගධමහාමත්‌තා පාටලිගාමෙ නගරං මාපෙන්‌ති වජ්‌ජීනං පටිබාහාය. තෙන ඛො පන සමයෙන සම්‌බහුලා දෙවතායො සහස්‌සසහස්‌සෙව [සහස්‌සෙව (ස්‍යා. ක.), සහස්‌සස්‌සෙව (පී.)] පාටලිගාමෙ වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති. යස්‌මිං පදෙසෙ මහෙසක්‌ඛා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති මහෙසක්‌ඛානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ මජ්‌ඣිමා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති මජ්‌ඣිමානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ නීචා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති නීචානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. අද්‌දසා ඛො භගවා දිබ්‌බෙන චක්‌ඛුනා විසුද්‌ධෙන අතික්‌කන්‌තමානුසකෙන තා දෙවතායො සහස්‌සසහස්‌සෙව පාටලිගාමෙ වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌තියො. යස්‌මිං පදෙසෙ මහෙසක්‌ඛා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති, මහෙසක්‌ඛානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ මජ්‌ඣිමා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති, මජ්‌ඣිමානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ නීචා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති, නීචානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං.
7. එ සමයෙහි වනාහි මගධරට (අජාසත්) රජහුගේ මහ ඇමති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවී රජුන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවත්. එ සමයෙහි වූ කලි දෙවතාවෝ (එක එක මුළුවකට) දහස් දහස් ව පාටලිගමෙහි ගෙවතු (ගෘහවස්තූන්) පිරිසිඳ ගනිත්. යම් පෙදෙසෙක මහත් පිරිවර ඇති දෙවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මහත් පිරිවර ඇති රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි වූ දෙවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මැදුම් පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක කුදුපෙලෙහි දෙවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට කුදු පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැසෙහි විෂයසීමාව ඉක්මැ දැක්ක හැකි වූ පිරිසිදු වූ දිවැසින්, ‘යම් පෙදෙසෙක මහපිරිවර ඇති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද, එහි ගෙවල් නංවන්නට මහපිරිවර ඇති රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට මැදුම් පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක කුදු පෙලේ වූ දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට කුදු පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි දැ යි පාටලිග්‍රාමයෙහි ගෙවතු පිරිසිඳ ගන්නා (මුළු මුළු වූ) දහස් දහස් ගණන් ම දෙවියන් දුටුසේක.
8. අථ ඛො භගවා තස්‌සා රත්‌තියා පච්‌චූසසමයෙ පච්‌චුට්‌ඨාය ආයස්‌මන්‌තං ආනන්‌දං ආමන්‌තෙසි – ‘‘කෙ නු ඛො [කො නු ඛො (සබ්‌බත්‌ථ)] ආනන්‌ද පාටලිගාමෙ නගරං මාපෙන්‌තී’’ති [මාපෙතීති (සබ්‌බත්‌ථ)].
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රැයෙහි අලුයම් වේලෙහි නැගී සිට අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, කවරෙක් නම් පාටලිගමෙහි නුවරක් මවා දැ?’යි අසා වදාළ සේක.
‘‘සුනිධවස්‌සකාරා, භන්‌තෙ, මගධමහාමත්‌තා පාටලිගාමෙ නගරං මාපෙන්‌ති වජ්‌ජීනං පටිබාහායා’’ති.
‘වහන්ස, මගධරට රජුගේ මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවීන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවති.’යි අනඳ තෙරණුවෝ වදාළහ.
‘‘සෙය්‍යථාපි, ආනන්‌ද, දෙවෙහි තාවතිංසෙහි සද්‌ධිං මන්‌තෙත්‌වා; එවමෙව ඛො, ආනන්‌ද, සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා පාටලිගාමෙ නගරං මාපෙන්‌ති වජ්‌ජීනං පටිබාහාය.
අනඳයෙනි, යම්සේ තව්තිසා වැසි දෙවියන් හා මන්ත්‍රණය කොට කෙරෙත් ද, එසේ ම අනඳයෙනි, මගධමහාමාත්‍ර වූ සුනීධ වස්සකාර දෙදෙනා ලිච්ඡවීන් පිළිබහනුවට පාටලිගමෙහි නුවරක් මවත්.
9. ඉධාහං, ආනන්‌ද, අද්‌දසං දිබ්‌බෙන චක්‌ඛුනා විසුද්‌ධෙන අතික්‌කන්‌තමානුසකෙන සම්‌බහුලා දෙවතායො සහස්‌සසහස්‌සෙව පාටලිගාමෙ වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌තියො. යස්‌මිං පදෙසෙ මහෙසක්‌ඛා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති මහෙසක්‌ඛානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ මජ්‌ඣිමා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති මජ්‌ඣිමානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං. යස්‌මිං පදෙසෙ නීචා දෙවතා වත්‌ථූනි පරිග්‌ගණ්‌හන්‌ති නීචානං තත්‌ථ රඤ්‌ඤං රාජමහාමත්‌තානං චිත්‌තානි නමන්‌ති නිවෙසනානි මාපෙතුං.
9. අනඳයෙනි, මෙහි මිනිසැසින් දැක්ක හැකි ඉම ඉක්මැ දක්නට පොහොසත් වූ පිරිසිදු වූ දිවැසින් යම් පෙදෙසක මහබලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මහබලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මැදුම්බලැති රජුන්ගේ රජමහ මැතියන්ගේ සිත් නැමේ’යැ යි ද, යම් පෙදෙසෙක මඳ බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම්, එහි ගෙවල් තනන්නට මඳ බලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැයි දැ යි, මෙසේ මුළු මුළු ව දහස් දහස් බොහෝ දෙවිවරුන් ගෙවතු පිරිසිඳ ගන්නවුන් දිටිමි.
10. යාවතා, ආනන්‌ද, අරියං ආයතනං යාවතා වණිප්‌පථො ඉදං අග්‌ගනගරං භවිස්‌සති පාටලිපුත්‌තං පුටභෙදනං. පාටලිපුත්‌තස්‌ස ඛො, ආනන්‌ද, තයො අන්‌තරායා භවිස්‌සන්‌ති – අග්‌ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’’ති.
10. අනඳයෙනි, යම් පමණ ආර්‍ය්‍යායතන (ආර්‍ය්‍යමිනිසුන් පැමිණෙන තැන) වේ ද, යම් පමණ වෙළෙදපොල වේ ද, මෙය ඒ හැමට අග්‍ර වූ නොයෙක් දෙසින් ගෙනා බඩුපොදි ලිහන තැන වූ පාටලිපුත්‍ර නම් නගරය වන්නේ ය. “අනඳයෙනි, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද දියෙන් ද ඔවුනොවුන්ගේ භෙදයෙන් දැ යි තුන් අන්තරාය කෙනෙක් වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. අථ ඛො සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා යෙන භගවා තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා භගවතා සද්‌ධිං සම්‌මොදිංසු. සම්‌මොදනීයං කථං සාරාණියං [සාරාණීයං (සී. ස්‍යා. කං. පී.)] වීතිසාරෙත්‌වා එකමන්‌තං අට්‌ඨංසු. එකමන්‌තං ඨිතා ඛො සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා භගවන්‌තං එතදවොචුං – ‘‘අධිවාසෙතු නො භවං ගොතමො අජ්‌ජතනාය භත්‌තං සද්‌ධිං භික්‌ඛුසඞ්‌ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්‌හීභාවෙන.
11. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට නිසි වූ, සිතැ රැඳැවිය යුතු වූ කතාව නිමවා එක් පසෙකැ සිටියහ. එක් පසෙක සිටි මහද මහමැති සුනීධ වස්සකාර යන දෙදෙන භාග්‍යවතුන් වහන්සේට ‘භවද්ගෞතමයෝ බිකසඟන හා අද දවසට අප ඉවසත් වා’යි මෙය කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක.
12. අථ ඛො සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා භගවතො අධිවාසනං විදිත්‌වා යෙන සකො ආවසථො තෙනුපසඞ්‌කමිංසු; උපසඞ්‌කමිත්‌වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‌වා භගවතො කාලං ආරොචෙසුං – ‘‘කාලො, භො ගොතම, නිට්‌ඨිතං භත්‌ත’’න්‌ති. අථ ඛො භගවා පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය සද්‌ධිං භික්‌ඛුසඞ්‌ඝෙන යෙන සුනිධවස්‌සකාරානං මගධමහාමත්‌තානං ආවසථො තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා පඤ්‌ඤත්‌තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා බුද්‌ධප්‌පමුඛං භික්‌ඛුසඞ්‌ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‌ථා සන්‌තප්‌පෙසුං සම්‌පවාරෙසුං.
12. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන තමන් වසන ගෙට ගියහ. ගොස් තමන් වසන ගෙහි ප්‍රණීත කෑයුතු බුදියැ යුතු දෑ පිළියෙල කරවා, “භවද්ගෞතමයිනි, බත පිළියෙල කොට නිමැවිණ. වඩනට කල් වේ’යැ යි කියා කල් ගෙහූහ. එක ලැ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙව බික්සඟන හා මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාගේ නිවෙස කරා එළැඹි සේක. එළැඹැ පණවන ලද අස්නැ වැඩහුන් සේක. එකල්හි ඒ සුනීධ වස්සකාර මගදමහමැති දෙදෙන බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සැතැප්වූහ. මොනොවට වැළැඳවූහ.
13. අථ ඛො සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා භගවන්‌තං භුත්‌තාවිං ඔනීතපත්‌තපාණිං අඤ්‌ඤතරං නීචං ආසනං ගහෙත්‌වා එකමන්‌තං නිසීදිංසු. එකමන්‌තං නිසින්‌නෙ ඛො සුනිධවස්‌සකාරෙ මගධමහාමත්‌තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි –
13. ඉක්බිති සුනීධ වස්සකාර මගද මහමැතිහු භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් අතැති නියා දැක එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හුන් මගද මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමොදනා බණ වදාළ සේක:
‘‘යස්‌මිං පදෙසෙ කප්‌පෙති, වාසං පණ්‌ඩිතජාතියො;
සීලවන්‌තෙත්‌ථ භොජෙත්‌වා, සඤ්‌ඤතෙ බ්‍රහ්‌මචාරයො [බ්‍රහ්‌මචාරිනො (ස්‍යා.), බ්‍රහ්‌මචරියෙ (පී. ක.)].
“පණ්ඩිතස්වභාවය ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, හේ සිය ගෙහිදී සංයමය ඇති බඹසර රක්නා සිල්වතුන් වළඳවා,
‘‘යා තත්‌ථ දෙවතා ආසුං, තාසං දක්‌ඛිණමාදිසෙ;
තා පූජිතා පූජයන්‌ති, මානිතා මානයන්‌ති නං.
එහි යම් ගෘහදෙවතා කෙනෙක් වෙත් නම් ඔවුනට පින් දෙන්නේ ය. පිනෙන් පුදනු ලැබූ බුහුමන් කරනු ලැබූ ඔහු ඔහුට (රැක ගැනුම් වශයෙන්) පූජා කෙරෙත්, බුහුමන කෙරෙත්.
‘‘තතො නං අනුකම්‌පන්‌ති, මාතා පුත්‌තංව ඔරසං;
දෙවතානුකම්‌පිතො පොසො, සදා භද්‍රානි පස්‌සතී’’ති.
ඉක්බිති ඔහු මවක ළෙහි හොවා වඩන ලද පුතක්හට සෙයින් ඔහුට අනුකම්පා කරත්. දෙවතාවන් විසින් අනුකම්පිත පුරුෂ තෙම හැම කල්හි සොඳුරු දෑ දකී.”
14. අථ ඛො භගවා සුනිධවස්‌සකාරානං මගධමහාමත්‌තානං ඉමාහි ගාථාහි අනුමොදිත්‌වා උට්‌ඨායාසනා පක්‌කාමි. තෙන ඛො පන සමයෙන සුනිධවස්‌සකාරා මගධමහාමත්‌තා භගවන්‌තං පිට්‌ඨිතො පිට්‌ඨිතො අනුබන්‌ධා හොන්‌ති – ‘‘යෙනජ්‌ජ සමණො ගොතමො ද්‌වාරෙන නික්‌ඛමිස්‌සති තං ‘ගොතමද්‌වාරං’ නාම භවිස්‌සති. යෙන තිත්‌ථෙන ගඞ්‌ගං නදිං තරිස්‌සති තං ‘ගොතමතිත්‌ථං’ නාම භවිස්‌සතී’’ති.
14. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාට මේ ගාථයෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගී නික්මුණු සේක. එ සමයෙහි වූ කලි මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන, ‘අද යම් දොරෙකින් මහන ගොයුම්හු නික්මෙන්නාහු නම්, එය ගොයුම්දොර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගොයුමතොට නම් වන්නේ යැ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පසින් අනුව ගියාහු වෙත්.
15. අථ ඛො භගවා යෙන ද්‌වාරෙන නික්‌ඛමි තං ‘ගොතමද්‌වාරං’ නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ්‌ගා නදී තෙනුපසඞ්‌කමි. තෙන ඛො පන සමයෙන ගඞ්‌ගා නදී පූරා හොති සමතිත්‌තිකා කාකපෙය්‍යා. අප්‌පෙකච්‌චෙ මනුස්‌සා නාවං පරියෙසන්‌ති, අප්‌පෙකච්‌චෙ උළුම්‌පං පරියෙසන්‌ති, අප්‌පෙකච්‌චෙ කුල්‌ලං බන්‌ධන්‌ති අපාරා පාරං ගන්‌තුකාමා. අථ ඛො භගවා – සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්‌ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්‌ජෙය්‍ය, එවමෙව – ගඞ්‌ගාය නදියා ඔරිමතීරෙ [ඔරිමතීරා (බහූසු) මහාව. 286; දී. නි. 2.154 පස්‌සිතබ්‌බං)] අන්‌තරහිතො පාරිමතීරෙ පච්‌චුට්‌ඨාසි සද්‌ධිං භික්‌ඛුසඞ්‌ඝෙන. අද්‌දසා ඛො භගවා තෙ මනුස්‌සෙ අප්‌පෙකච්‌චෙ නාවං පරියෙසන්‌තෙ, අප්‌පෙකච්‌චෙ උළුම්‌පං පරියෙසන්‌තෙ, අප්‌පෙකච්‌චෙ කුල්‌ලං බන්‌ධන්‌තෙ අපාරා පාරං ගන්‌තුකාමෙ.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණෝ ද එය ගොයුම්දොර නම් විය. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය කරා වැඩි සේක. එසමයෙහි ගඞ්ගා නදිය ගොඩ සිට කවුඩකු විසින් පැන් පිය හැකි පරිදි දෙගොඩ තළා පිරුණී වෙයි. මෙගොඩින් එ ගොඩට කැමැති ඇතැම් මිනිස්සු නැවක් සොයත්. සමහරු උඩුපයක් සොයත්. සමහරු පසුරක් බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා, ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ දිගු කළ අත හකුළන්නේ යම් සේ ද එසේ ම ගඞ්ගා නදියේ මෙ තෙරැ අතුරුදහන් වූ සේක එ ගොඩ පිහිටිසේක. භාග්‍යවතුන් වහන්සේ, මෙගොඩින් එගොඩ යනු කැමති ව ඇතැමුන් නැවක් සොයනුවන්, ඇතැමුන් උඩුපයක් සොයනුවන්, ඇතැමුන් පසුරක් බඳිනුවන් දුටු සේක් මය.
16. අථ ඛො භගවා එතමත්‌ථං විදිත්‌වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –
16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
‘‘යෙ තරන්‌ති අණ්‌ණවං සරං, සෙතුං කත්‌වාන විසජ්‌ජ පල්‌ලලානි;
කුල්‌ලඤ්‌හි ජනො පබන්‌ධති [බන්‌ධති (ස්‍යා. පී.)], තිණ්‌ණා [නිතිණ්‌ණා (ක.)] මෙධාවිනො ජනා’’ති.
යම් කෙනෙක් (ගැඹුරු පුළුල් වූ) සංසාර සාගරය හා තෘෂ්ණානදිය තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ග නමැති හෙය කොට පලවලයන් (දිය පිරුණු වළ තැන්) ආමර්‍ශනය නො කොට මැ තරණය කෙරෙති. මේ ජන තෙම වූකලි (මේ දියත්ත තරණය කරනු සඳහා) පසුරු බඳී. ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් යුත් ජනයෝ (පසුරක් නැති වැ මැ) තරණය කළහ.