ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (7) 2. මහා වර්ගය

3.2.2.8.

3.2.2.8. අඤ්‌ඤතිත්‌ථිය සූත්‍රය*

18. සචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං : තයො, මෙ ආවුසො, ධම්මා : කතමෙ තයො : රාගො, දොසො, මොහො. ඉමෙ ඛො ආවුසො, තයො ධම්මා. ඉමෙසං ආවුසො තිණ්ණං ධම්මානං කො විසෙසො, කො අධිප්පායො, කිං නානාකරණන්ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්යාකරෙය්යාථාති?

18. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මොහ යි ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ තුන් දහමුන්ගේ විශේෂය කවරේ ය, අධිප්‍රාය කවරේ ය, නනස කවරේ යැ? යි මෙසේ විචාරන්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කිමැ යි ප්‍රකාශ කරන්නහු ද?

භගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො : භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.

වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නෙතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැ නු. භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල් අසා භික්‍ෂූහු ධරන්නාහ.

තෙන හි භික්ඛවෙ, සුණාථ –පෙ– භගවා එතදවොච :

මහණෙනි, එසේ වී නම් අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

සචෙ භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං තයො, මෙ ආවුසො, ධම්මා : කතමෙ තයො: රාගො, දොසො, මොහො. ඉමෙ ඛො ආවුසො, තයො ධම්මා. ඉමෙසං ආවුසො, තිණ්ණං ධම්මානං කො විසෙසො, කො අධිප්පායො, කින්නානාකරණන්ති? එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ: රාගො ඛො ආවුසො, අප්පසාවජ්ජො දන්ධවිරාගී, දොසො මහාසාවජ්ජො ඛිප්පවිරාගී, මොහො මහාසාවජ්ජො දන්ධවිරාගීති.

මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනක යත්: රාගය, ද්වේෂය, මොහ යි. ඇවැත්නි, මේ ධර්‍මයෝ තුන් දෙනයහ. ඇවැත්නි, මේ ධර්‍මයන් තුන් දෙනාගේ විශේෂය කවරේ යැ, අධිප්‍රාය කවරේ යැ, නනස කවරේ යැ?” යි මෙසේ විචාරන්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරව: ඇවැත්නි, රාගය අල්පසාවාද්‍ය ය, ලැසිව පහවන සුලු ය. ද්වේෂය මහාසාවාද්‍ය ය, වහා පහවන සුලු ය. මෝහය මහාසාවාද්‍ය ය, ලැසිව පහවන සුලුය යි.

කො පනාවුසො හෙතු කො පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති, උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතී? සුභනිමිත්තන්තිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, එයට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු සුභනිමිත්තය යි කිය යුතු ය.

තස්ස සුභනිමිත්තං අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව රාගො උප්පජ්ජති. උප්පන්නො ච රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො උප්පජ්ජති, උප්පන්නො වා රාගො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.

සුභනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය උපදනේ ය. උපන්නා වූ ද රාගය භූයොභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය උපදනේ ද, උපන් හෝ රාගය භූයොභවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වෙයි.

කො පනාවුසො හෙතු කො පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති, උප්පන්නො වා දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති? පටිඝනිමිත්තන්තිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයොභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු ප්‍රතිඝනිමිත්තය යි කිය යුතු ය.

තස්ස පටිඝනිමිත්තං අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව දොසො උප්පජ්ජති, උප්පන්නො ච දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො උප්පජ්ජති, උප්පන්නො වා දොසො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.

ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි කරණ ඔහට නුපන්නාවූ ද ද්වේෂය උපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ ද්වේෂය උපදනේ ද, උපන් හෝ ද්වේෂය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.

කො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති, උප්පන්නො වා මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති? අයොනිසො මනසිකාරොතිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය භාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු නුනුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු ය.

තස්ස අයොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව මොහො උප්පජ්ජති, උප්පන්නො ච මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො උප්පජ්ජති, උප්පන්නො වා මොහො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.

නුනුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය උපදනේ ය. උපන්නා වූ ද මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය උපදනේ ද, උපන් හෝ මෝහය භූයෝභාවය පිණිස වෛපුල්‍යය පිණිස පවත්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.

කො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා රාගො නුප්පජ්ජති, උප්පන්නො වා රාගො පහීය්යතීති? අසුභනිමිත්තන්තිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ යැ? එයට හේතු අශුභනිමිත්තය යි කිය යුතු වෙයි.

තස්ස අසුභනිමිත්තං යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව රාගො නුප්පජ්ජති, උප්පන්නො ච රාගො පහිය්යති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො. යෙන අනුප්පන්නො වා1 රාගො නුප්පජ්ජති, උප්පන්නො වා රාගො පහිය්යතීති.

අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද රාගය නූපදනේ ය. උපන්නා වූ ද රාගය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ රාගය නූපදනේ ද, උපන් හෝ රාගය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.

කො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා දොසො නුප්පජ්ජති, උප්පන්නො වා දොසො පහීය්යතීති? මෙත්තා චෙතොවිමුත්තීතිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් ද්වේෂය නූපදනේ ද, උපන් හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ, එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු මෙත්තාචෙතෝවිමුත්තිය යි කිය යුතු වෙයි.

තස්ස මෙත්තං චෙතොවිමුත්තිං යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව දොසො නුප්පජ්ජති, උප්පන්නො ච2 දොසො පහිය්‍යති. අයං ඛො ආවුසො, හෙතු අයං පච්චයො. යෙන අනුප්පන්නො වා1 දොසො නුප්පජ්ජති, උප්පන්නො වා2 දොසො පහිය්‍යතීති.

මෛත්‍රීචෙතෝවිමුක්තිය නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද ද්වේෂය නූපදනේ ය. උපන්නා වූ ද ද්වේෂය පහව යන්නේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන්නාවූ ද ද්වේෂය නූපදනේ වේ ද, උපන්නා වූ හෝ ද්වේෂය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වේ. මේ එයට ප්‍රත්‍යය වේ.

කො පනාවුසො හෙතු, කො පච්චයො, යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති උප්පන්නො වා2 මොහො පහීය්‍යතීති. යොනිසො මනසිකාරොතිස්ස වචනීයං.

ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, එයට හේතු කවරේ යැ? එයට ප්‍රත්‍යය කවරේ ය? එයට හේතු නුවණින් මෙනෙහි කිරීමය යි කිය යුතු වෙයි.

තස්ස යොනිසො මනසිකරොතො අනුප්පන්නො චෙව මොහො නුප්පජ්ජති, උප්පන්නො ච මොහො පහිය්යති. අයං ඛො ආවුසො හෙතු, අයං පච්චයො. යෙන අනුප්පන්නො වා මොහො නුප්පජ්ජති, උප්පන්නො වා මොහො පහිය්යතීති.

නුවණින් මෙනෙහි කරණ ඔහට නූපන්නා වූ ද මෝහය නූපදනේ වෙයි. උපන්නා වූ ද මෝහය පහව යන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් නූපන් හෝ මෝහය නූපදනේ ද, උපන් හෝ මෝහය පහව යන්නේ වේ ද, මේ එයට හේතු වෙයි. මේ එයට ප්‍රත්‍යය වෙයි.