අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

13. උදය මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරනසුලු වූ විගත රජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව වූ සියලු ධර්මයන්ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ථි වැ ආයෙමි. අවිද්‍යාව බිඳුනා අඤ්ඤා විමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව. (බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්‍දයන් ගේ ද දෞර්‍මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයා ගේ වැළකීම ද ඇති- චතුර්ත්ථධ්‍යානොපෙක්‍ෂා-ස්මෘති ...

12. භද්‍රාවුධ මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්ත්ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ චතුරොඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශොභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්ස ...

11. ජතුකණ්ණී මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂමත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඔඝය ඉක්ම වූ කෙනකැ යි අසා නිෂකාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්‍රාඥය ...

10. කප්ප මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඔඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි. (බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති ...

9. තෝදෙය්‍ය මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් තොදෙය්‍ය මාණවක මෙසේ විචාරයි:) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහු ගේ විමොක්‍ෂය කෙබඳු ද? (බුදුහු මෙසේ වදාළහ: තොදෙය්‍ය මාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමොක්‍ෂයෙක් නැති. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ...