37. වුත්‌තඤ්‌හෙතං භගවතා, වුත්‌තමරහතාති මෙ සුතං –
37. භගවත්හු විසින් මේ සූත්‍රය වදාරණ ලද්දේ ය. අර්හත් වූ බුදුරදුන් විසින් මෙය වදාරණ ලද්දේ ය. මා විසින් මෙසේ අසන ලදී.
1. ‘‘ද්‌වීහි, භික්‌ඛවෙ, ධම්‌මෙහි සමන්‌නාගතො භික්‌ඛු දිට්‌ඨෙව ධම්‌මෙ සුඛසොමනස්‌සබහුලො විහරති, යොනි චස්‌ස [යොනිසො (සී. ස්‍යා. පී.), යොනිස්‌ස (ක.)] ආරද්‌ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ද්‌වීහි? සංවෙජනීයෙසු ඨානෙසු සංවෙජනෙන, සංවිග්‌ගස්‌ස ච යොනිසො පධානෙන. ඉමෙහි ඛො, භික්‌ඛවෙ, ද්‌වීහි ධම්‌මෙහි සමන්‌නාගතො භික්‌ඛු දිට්‌ඨෙව ධම්‌මෙ සුඛසොමනස්‌සබහුලො විහරති, යොනි චස්‌ස ආරද්‌ධා හොති ආසවානං ඛයායා’’ති.
1. මහණෙනි, කරුණු දෙකෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බව්හි ම (කායික චෛතසික වූ) සුව සොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් ආස්‍රවයන් ක්‍ෂය කිරීම සඳහා (අර්හත්ඵලයට අවශ්‍ය) කාරණය පටන් ගන්නා ලද්දේ නම් වෙයි. කවර නම් දෙකෙකින් ද යත්: සංවෙගයට වස්තු වූ තන්හි සංවේගයෙන් ද, සංවෙගයට පැමිණයහුගේ සම්‍යක් ව්‍යායාමයෙන් ද (යන දෙකෙනි.) මහණෙනි, මේ ධර්‍ම දෙකින් යුක්ත වූ මහණ තෙමේ මේ අත්බැව්හි ම සුවසොම්නස් බහුල ව වෙසේ. ඔහු විසින් අර්හත්ඵලය සඳහා අවශ්‍ය කාරණය පටන් ගන්නා ලද්දේ නම් වේ.
එතමත්‌ථං භගවා අවොච. තත්‌ථෙතං ඉති වුච්‌චති –
බුදුහු මෙ කරුණ වදාළහ. මේ අර්ථය (ගාථා වශයෙන්) මෙසේ කියනු ලැබේ:
2. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරික ප්‍රඥාවෙන් යුක්ත වූ නුවණැති මහණ තෙමේ නුවණින් මොනවට බලා සංවෙගයට පැමිණිය යුතු තන්හි සංවෙගයට පැමිණේ ම ය.
3. මෙසේ වාසය කරණ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති, යහපත් පැවතුම් ඇති, වික්ෂිප්ත නො වූ, චිත්තසමථයෙහි යෙදුන භික්ෂු තෙමේ දුක්ඛක්ඛය සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙන්නේ ය.
අයම්‌පි අත්‌ථො වුත්‌තො භගවතා, ඉති මෙ සුතන්‌ති. දසමං.
මේ අර්ථය ද භගවත්හු විසින් වදාරණ ලද්දේ ය. මෙසේ මා විසින් අසන ලදී.