මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.