මහණෙනි, මේ ශුකල ධර්මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක යත් : හිරිය හා ඔත්තප්පය වේ. මහණෙනි, මේ ශුක්ල ධර්මයෝ දෙදෙන ලොව නොපල්නාහු නම්, මෙලෙව්හි වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) නො පැණෙයි. ලෝකයෝ එළු තිරෙළුවන් මෙන් ද කුකුළු හූරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද පණත් බිඳුමට යන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් මේ ශුක්ලධර්මයෝ දෙදෙන ලොව රකිත් ද, එහෙයින් වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ ...
මහණෙනි, මේ ශුකල (කුශල) ධර්මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිඇති බව වූ) හිරිය ද (පවට බිරිඇති බව වූ) ඔත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ ශුකල ධර්මයෝ දෙදෙන ය.
මහණෙනි, මේ කෘෂණ (පාප) ධර්මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිනැති බව වූ) අහිරිකය ද (පවට බිරිනැති බව වූ) අනොත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ කෘෂ්ණධර්‍මයෝ දෙදෙන ය.
මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දශවිධ සංයොජනයනට ප්‍රත්‍යය වූ ත්‍රෛභූමක ධර්මයන් විෂයෙහි යම් ආස්වාද විසින් බලන සුලු බවෙකුදු වේ නම්, සංයොජනීයධර්මයන් විෂයෙහි යම් උකටලි විසින් බලන සුලු බවෙකුදු වේ නම්, යන මේ දෙකය. මහණෙනි, සංයොජනීය ධර්මයන් විෂයෙහි ආස්වාද විසින් දක්නාසුලු ව වෙසෙන්නේ රාගය නො හරනේ ය. ද්වෙෂය නො හරනේ ය. මොහය නො හරනේ ය. රාගය නො හැර ද්වෙෂය නො හැර මෝහය නො හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් ...
මහණෙනි, මම ධර්මයන් දෙදෙනකුගේ ගුණ එළඹ දැන ගතිමි: (ධ්‍යානාදි) කුශලධර්මයන්හි (මෙතෙක් පමණියි) යම් නොතුස්නා බවෙක් වේ ද, ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යම් නොපසු බස්නා බවෙක් වේ ද (යන දෙකයි). මහණෙනි, මම නොපසු බස්නා සැහැවි ඇත්තෙම් ‘ඒකාන්තයෙන් සිරුරෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ තැබීමෙ (නැවැත්මෙ) ක් නම් නො වේ ය’ යි වැර වැඩීමි. මහණෙනි, ඒ මා විසින් සම්බොධිය අප්‍රමාදයෙන් ලබන ...