මහානාම පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර මේ සිවු දහමින් අස්වසා “ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්ෂාවක් ඇද්දැ”යි මෙසේ කිවයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මවුපියන් කෙරෙහි අපෙක්ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හේ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපෙක්ෂාව කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි ...
වහන්ස, දරුවන්ගෙන් පළිබොධ ඇති යහන්හි වෙසෙන සිනිඳුසඳුන් ගල්වන මල්ගඳ විලෙවුන් දරන රන්රිදී ඉවසන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වු ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ මේ විසුම සුකර නො වේ. වහන්ස, පස් සිකපෙදෙහි සිටි ඒ අපට මතු දහමක් දෙශනා කරන සේක්වා යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මියයුතු : “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි ...
“මහණෙනි, යම් මහණ කෙනෙක් ආස්‍රවක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් පස් ඔරම්භාගියසංයොජනයන් ක්ෂය කිරීමෙන් ඔපපාතික වූවෝ එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෝ වෙත් නම් ඔහු ම ඉතා බොහෝහ”යි. ඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී. (එනම්) : මහණෙනි, යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගිය ...
මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත් : මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධය හ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වේ යි ...
මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසෙවනය සද්ධර්‍මශ්‍රවණය යොනිසොමනස්කාරය ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.