මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, සඳහිරු දෙදෙනාගේ ඒ මේ උපක්ලේශයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නොබබළත් ද, වලාකුළ සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, හිම සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය. මහණෙනි, යම් උපක්ලේශයෙකින් කිලිටි වූ සඳහිරු දෙදෙනා නො බබළත් ද, ධූම-රජස් සඳහිරු දෙදෙනාගේ ඒ උපක්ලෙශය ...
මහණෙනි, සංඥාවිපර්යාසයෝ චිත්තවිපර්යාසයෝ දෘෂ්ටිවිපර්යාසයෝ මොහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අනිත්‍යවස්තුයෙහි, ‘මේ නිත්‍ය ය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, දුඃඛයෙහි, ‘මේ සුඛය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අනාත්මයෙහි, ‘මේ ආත්මය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි, චිත්තවිපර්‍යාසයෙකි, දෘෂ්ටිවිපර්‍යාසයෙකි. මහණෙනි, අශුභයෙහි, ‘මේ ශුභය’යි ගන්නේ සංඥාවිපර්‍යාසයෙකි ...
එක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලී බැමිණියගේ පුත් ආයුෂ්මත් විසාඛ තෙරුන්හට තෙල වදාළ සේක: ‘‘මැනව, මැනව, විසාඛයෙනි, විසාඛයෙනි, මැනව. තෙපි පිරිපුන් බස් ඇති, ගලාබස්නා වදන් ඇති, කෙළතොළු නො වූ හෙයින් නිදොස් වූ, අරුත් අඟවන, නිවන් ඇසුරු කළ, වට ඇසුරු නො කළ, දැහැමි කථායෙන් භික්ෂූන් කරුණු දක්වා බණව, සමාදන් කරව, තෙද ගන්වා බණව, පහදවා ලවයි වදාළහ. බාලයන් හා මිශ්‍ර වාස ඇති, දැහැමි බස් නො බණන, පණ්ඩිතයා (පණ්ඩිතයෝ) නොදනිත්, නිර්වාණපදය (නවවිධලෝකොත්තරධර්මය) දෙසන ...
මහණෙනි, මේ සුවිදූර-විදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන අහස හා පොළොව හා යයි මේ පළමුවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා යයි මේ දෙවැන්න යි. මහණෙනි, යම් තැනෙක හිරු නැඟේ ද, යම් තැනෙක හිරු අස්තයට යේ ද, මේ තෙවැන්න යි. මහණෙනි, සුවිදූර - විදූරස්ථානයෙහි වන සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා යයි මේ සිවුවැන්නයි. මහණෙනි, මේ සතර සුවිදූර - විදූරස්ථානයෝ යි. අහස ද දුරෙහි වෙයි. පොළොව ද ...
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය රොහිතස්ස දෙවුපුත් රැය බෙහෙවින් ඉකුත් කල්හි (- මධ්‍යම රාත්‍රියෙහි) විශිෂ්ට ඡවිවර්ණ ඇත්තේ මුළු දෙව්රම බබුලුවා මා වෙත පැමිණියේ ය. පැමිණ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. මහණෙනි, එකත්පස්ව සිටි රොහිතස්ස වෙවුපුත් මට තෙල සැළ කෙළේය: ඇවත, යම් ම තැනෙක නූපදනේ ද, නො දිරනේ ද, නො මියනේ ද නො සැවනේ ද (අපරාපර පිළිසඳ විසින්) නූපදනේ ද, පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුය යි, දැක්ක යුතුය යි, පැමිණිය යුතුය ...