අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.3.13.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 13. දාන වර්ගය

මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්‍යාගය හා ධර්‍මපරිත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්‍යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම පරිත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2.3.13.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 13. දාන වර්ගය

මහණෙනි, මේ ත්‍යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්‍යාගය හා ධර්‍මත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්‍යාග දෙකය. මහණෙනි, මේ ත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2.3.13.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 13. දාන වර්ගය

මහණෙනි, මේ යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂයාගය හා ධර්‍මයාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි යාග දෙකය. මහණෙනි, මේ යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2.3.13.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 13. දාන වර්ගය

මහණෙනි, මේ දාන දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂදානය හා ධර්‍මදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි දාන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

2.3.12.14.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 12. ආයාචන වර්ගය

මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත් : ක්‍රෝධවිනය හා උපනාහවිනය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.