මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්‍රහය හා ධර්‍මඅනුග්‍රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්‍රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්‍රහය හා ධර්‍මසංග්‍රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්‍රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්‍මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
මහණෙනි, මේ සම්භොගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භොගය හා ධර්‍මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භොගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භොගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසම්භොගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.