අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.3.12.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 12. ආයාචන වර්ගය

මහණෙනි, සැදැහැති උපාසිකාව මෙසේ මොනොවට යදනී ඛුජ්ජුත්තරාව උපාසිකාව හා වෙළුකණ්ටකියා නන්‍දමාතාව හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාව ද වෙළුකණ්ටකීය නන්‍දමාතාව ද යන දෙදෙනෙක් වෙත් නම් මාගේ ශ්‍රාවිකා උපාසිකාවනට තෙල තුලාව වේ. තෙල ප්‍රමාණය යි.

2.3.12.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 12. ආයාචන වර්ගය

මහණෙනි, සැදැහැති උපාසක මෙසේ මොනොවට යදනේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආලවක හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවරහෙයින යත්:) මහණෙනි, මේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආලවක තෙමේත් යම්සේ වෙත් නම් මාගේ ශ්‍රාවක උපාසකයන්ට තෙල තුලාව වේ, තෙල ප්‍රමාණය යි.

2.3.12.2.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 12. ආයාචන වර්ගය

මහණෙනි, සැදැහැති මෙහෙණ මෙසේ මොනොවට යදනී ඛෙමා උප්පලවණ්ණා දෙනම යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛෙමා හා උප්පලවණ්ණා හා යන දෙදෙන යම්සේ වෙත් නම්, මාගේ ශ්‍රාවිකා භික්‍ෂූණීන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.

2.3.12.1.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 12. ආයාචන වර්ගය

මහණෙනි, සැදැහැති මහණ මෙසේ මොනොවට යදනේ සැරියුත් මුගලන් දෙදෙන යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවර හෙයින යත්:) මහණෙනි, යම් සැරියුත් මුගලන් දෙදනෙක් වෙත් නම්, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.

2.3.11.12.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: සාවස්සොපත්තිය හා අනවස්සොපත්තිය හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.