අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.3.11.11.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: දුළුල් ඇවැත හා නො දුළුල් ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.

2.3.11.10.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: ලුහු ඇවැත හා ගුරු ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.

2.3.11.9.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්‍මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2.3.11.8.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.

2.3.11.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 11. ආසා වර්ගය

මහණෙනි, ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ප්‍රතිඝනිමිත්ත හා අයොනිසොමනසිකාරය යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.