අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2.2.8.7.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 8. සනිමිත්‌ත වර්ගය

මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වෙදනා සහිත ව උපදනා හ. වෙදනා රහිත ව නූපදනා හ. ඒ වෙදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

2.2.8.6.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 8. සනිමිත්‌ත වර්ගය

මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.

2.2.8.5.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 8. සනිමිත්‌ත වර්ගය

මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.

2.2.8.4.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 8. සනිමිත්‌ත වර්ගය

මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.

2.2.8.3.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » දුක නිපාතය » 8. සනිමිත්‌ත වර්ගය

මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.