මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (රූපාවචර-චතුර්ථධ්‍යානය අරමුණුකොට ඇති) රූපාලම්බන සුඛය හා අරූපාවචරධ්‍යාන අරමුණු කොට ඇති අරූපාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අරූපාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේය යි.
මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතිය ධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතාලම්බන සුඛය හා (චතුර්ථධ්‍යාන සඞඞ්ඛ්‍යාත) උපේක්‍ෂාලම්බන සුඛය හා යන දෙක යි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාලම්බනසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය ධ්‍යාන දෙක ප්‍රත්‍යවෙක්‍ෂාකරන්නහුට උපන්) සප්‍රීතිකාලම්බන සුඛය හා (තෘතිය චතුර්ථධ්‍යාන ප්‍රත්‍යවෙක්‍ෂාකරන්නහුට උපන්) නිෂ්ප්‍රීතිකාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතිකාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.