මහණෙනි, අකුශලය දුරලව. මහණෙනි, අකුශලය දුරලන්නට හැකිය. මහණෙනි, ඉදින් ඒ අකුශලය දුරලීමට නො හැකි නම් “මහණෙනි, අකුශලය දුරලවයි” මෙසේ මම නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය දුරලන්නට හැකි ද, එහෙයින් ම “මහණෙනි, අකුශලය දුරලව”යී මෙසේ මම කියමි. තවද මහණෙනි, මේ අකුශලය ප්‍රහීණ වූයේ අහිත පිණිස දුක් පිණිස පවත්නේ නම් “මහණෙනි, අකුශලය දුරලව” යි මම මෙසේ නොකියමි. මහණෙනි, යම් හෙයෙකින් අකුශලය ප්‍රහීණ වූයේ හිත පිණිස සුව පිණිස පවත්නේ ද එහෙයින් ම “මහණෙනි, ...
ආනන්‍දය, මම කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනොදුශ්චරිතය ඒකාන්තයෙන් නො කළ යුතුයි කියමි. [අනඳ තෙරහු:] වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් කායදුශ්චරිතයෙක්, වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කළ යුතුය යි වදාරණ ලද ද ඒ නොකට යුතු දැ කරණු ලබන කල්හි කවර ආදිනවයෙක් කැමැති විය යුතු ද? [භගවත්හු:] ආනන්‍දය, මා විසින් යම් කායදුශ්චරිතයෙක් - වාග්දුශ්චරිතයෙක් - මනොදුශ්චරිතයෙක් ඒකාන්තයෙන් නො කට යුතුය යි වදාරණ ලද නම්, ඒ නො කට යුතු දෑ කරණු ලබන කල්හි මේ ආදීනවය ...
එකත්පසෙක හුන් ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට යෙත් නම්, (එයට) හේතු කවරේය? ප්‍රත්‍යය කවරේය? [භගවත්හු:] බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්. [බමුණු:] භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව කිසි සත්ත්‍ව කෙනෙක් ...
එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සතත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහවූ නපුරු ගති වූ විවස පතනයට තැන්වූ නිරයට (උපපාත වශයෙන්) පැමිණෙත් නම්, එයට හේතු කවරේය? එයට ප්‍රත්‍යය කවරේය? [භගවත්හු:] බමුණු, අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂම චර්‍ය්‍යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සතත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්. [බමුණු:] භවත් ගෞතමයෙනි, මෙලොව්හි ...
මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චොදනා කරණ මහණ ද මොනොවට තෙමේ ම තමා නුවණින් සලකා නො බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා තෙල කැමැති විය යුතුය: දිගුකලක් පැවැත්ම පිණිස, රළුබස්කම් පිණිස, කැකුළුබව පිණිස (ඒ අධිකරණය) පවත්නේ ය. භික්‍ෂූහු ද සුවසේ නො වසන්නාහුය යි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ලා (ඇවැත්) අවන් මහණ ද (ඇවතින්) චෝදනා කරණ මහණ ද තෙමේ ම මොනොවට තමා නුවණින් සලකා බලා නම්, මහණෙනි, ඒ අධිකරණයෙහි දී තෙල ...