මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. කවර දෙදෙන යත් : යමෙක් එළවා කිය යුතු අර්ථය ඇති සූත්‍රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්‍රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සුත්‍රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සුත්‍රාන්තය යි දක්වා ද (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. කවර දෙදෙන යත් : යමෙක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්ද නො තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසනලදැ යි තෙපලන ලදැයි දක්වා ද, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලදැයි නො තෙපලන ලදැයි දක්වා ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන නො කෙරෙත්. කවර දෙදෙන යත් : ...
මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත් (අභූතයෙන් දොස් තබත්). කවර දෙදෙනෙක යත් : දුෂ්ට වූයේ ඇතුළත සිටුනා ද්වෙෂය ඇත්තේ හෝ වේ ද, වැරදි ලෙස ගැණීමෙන් වූ සැදැහැ ඇත්තේ හෝ වේ ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්‍යාඛ්‍යාන කෙරෙත්.
මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත් : යමෙක් වරද වරද විසින් නො දක්නේ ද, යමෙකුත් (පිළිගෙණ) වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගන්නේ ද, මහණෙනි, මොහු බාලයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත් : යමෙක් වරද වරද විසින් දක්නේ ද, යමෙකුත් පිළිගෙණ වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගන්නේ ද, මහණෙනි, මොහු දෙදෙන පණ්ඩිත වෙති.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: උපිළිවෙලින් වරදවා ගත් පෙළ ද වරදවා පෙරළා ගත් අටුවා ද යන දෙකය. මහණෙනි, වරදවා ගත් පාළියෙහි අටුවා ද දුර්නය (අන්නෑය) වෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක යත්: මොනොවට ගත් පෙළදහම ද මොනොවට ගත් ...