අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5.1.3.3. උපක්‌කිලෙස සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, යම් උපක්ලෙශයෙකින් කිලිටි වූ ස්වර්ණය මෘදු නො වේ නම්, කර්‍මණ්‍ය ද නො වේ නම්, ප්‍රභාස්වර ද නො වේ නම්, බිඳෙනසුලු වේ නම්, මොනොවට කර්‍මයට නො පැමිණේ නම්, ස්වර්ණයාගේ මේ ඒ උපක්ලෙශයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: අයස් (කළුලොහො) ය, ලොහොය, තුබු (ඊයම්) ය, සීස (සුදුඊයම්) ය, රජත යි. මහණෙනි, යම් උපක්ලෙශයෙකින් කිලිටි වූ ස්වර්ණය මෘදුත් නො වේ නම්, කර්‍මණ්‍යත් නො වේ නම්, ප්‍රභාස්වරත් නො වේ නම්, බිඳෙනසුලුත් වේ නම්, මැනැවින් කර්‍මයට නො පැමිණේ නම්, මේ ස්වර්ණයාගේ ඒ පඤ්ච ...

5.1.3.2. දුතියඅගාරව සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති, ප්‍රතිශ්‍රය ... මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය ඇති, සභාග වෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා ශීලස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශීලස්කන්‍ධය පුරා සමාධිස්කන්‍ධය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සමාධිස්කන්‍ධය පුරා ප්‍රඥාස්කන්‍ධ්‍ය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ.

5.1.3.1. පඨමඅගාරව සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව නැති යටත් පැවතුම් ... මහණෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව ඇති, ප්‍රතිශ්‍රය (=යටත් පැවැතුම්) ඇති, සභාගවෘත්ති ඇති, එ මහණ එකැතින් ආභිසමාචාරිකධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරික ධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍මය පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සිල් පුරා සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක්සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ ...

5.1.2.10. අත්තහිත – පරහිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 2. බල වර්ගය

මහණෙනි, පස් දහමෙකින් සමන්වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් වෙයි. පරහිත පිණිස පිළිපන්නේත් වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සීලසම්පන්න වෙයි. මෙරමාත් සීලසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, මෙරමාත් සමාධිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, මෙරමාත් ප්‍රඥාසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්ති සම්පන්න වෙයි, මෙරමාත් විමුක්තිසම්පදායෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්ශනසම්පන්න වෙයි. මෙරමාත් ...

5.1.2.9. නෙව අත්තහිත – නො පරහිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 2. බල වර්ගය

මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ආත්මහිත පිණිස පිළිපන්නේත් නො වෙයි, මෙරමා හිත පිණිස පිළිපන්නේත් නො වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ සීලසම්පන්න නො වෙයි, මෙරමා සීලසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. මෙරමා සමාධිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, මෙරමා ප්‍රඥාසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි, මෙරමා විමුක්තිසම්පදායෙහි සමාදන් නො කරවයි. තෙමේ ...