අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5.1.3.8. පඤ්‌චඞ්‌ගිකසමාධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, පසඟින් යුත් ආර්ය්‍ය වූ සම්‍යක්සමාධිහුගේ භාවනාව දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය, වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, ආර්ය්‍ය වූ පඤ්චාඞ්ග සමන්‍වාගත සම්‍යක් සමාධිහුගේ භාවනා කවර යත්: (1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. හෙ මෙ කරජකය ම ...

5.1.3.7. සමාධි සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, අප්‍රමාණ (ලොකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්‍වාගතව වඩවු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවෙක්‍ෂාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර පස්දෙනෙක යත්: “මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය’යි ද මතුයෙහිත් සුකවිපාක ඇතියේ ය”යි ද තමා කෙරෙහි ම ඤාණය උපදනේ ය. “මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලොකාමිසයෙන් තොරය’‘යි ද තමා තුළම ඤාණය උපදනේය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ...

5.1.3.6. විමුත්‌තායතන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, යම් විමුත්තිකාරණයන්හි අප්‍රමත්තව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් කරා ගිය සිත් ඇතිව වාස කරණ මහණහුගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනුත්පන්න හෝ අනුත්තරයොගක්‍ෂෙමයට අනුප්‍රාප්ත වේ නම් (එබඳුවූ) විමුත්තායතනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: (1) මහණෙනි, මෙ සස්නෙහි මහණක්හට ශාස්තෘ වේ ව යි අන්‍යතර ගුරුස්ථානික සබ්‍රම්සරෙක් වේ ව යි චතුස්සත්‍යධර්‍මය දෙශනා කෙරේ නම්, හේ ඒ ඒ පරිදි එ දහම්හි පෙළ අරුත් පිළිවිදුනේ ද වෙයි. පෙළදම් ...

5.1.3.5. අනුග්‌ගහීත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, කරුණු පසෙකින් අනුගෘහීත වූ (විදර්‍ශනා) සම්‍යග්දෘෂ්ටිය මාර්‍ගඵල සමාධිය ඵල කොට ඇත්තී ද මාර්‍ගඵලසමාධිය අනුසස් කොට ඇත්තී ද වෙයි. ප්‍රඥාවිමුක්තිසඞ්ඛ්‍යාත ඵලඥානය ඵල කොට ඇත්තී ද ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තී ද වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලයෙන් අනුගෘහීත ද වෙයි. ශ්‍රැතයෙන් අනුගෘහීත ද වෙයි. ධර්‍මසාකච්ඡායෙන් අනුගෘහීත ද වෙයි. (චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත) ශමථයෙන් අනුගෘහීත ද වෙයි. විදර්‍ශනායෙන් අනුගෘහීත ද වෙයි. මහණෙනි, මේ පසඟින් අනුගෘහීත වූ ...

5.1.3.4. දුස්‌සීල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

මහණෙනි, නට සිල් ඇති දුසිල්හුගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම නට සම්‍යක්සමාධිය ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූත ඥානදර්ර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාව හා විරාගය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. මහණෙනි, අතු හා කොළින් විපන්න වූ රුකෙක් යම් පරිදි වේ නම්, එහි පොතුදු පරිපූර්තියට (වැඩීමට) නො යෙයි. සිවිදු, බොරුදු ...