මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, වීර්‍ය්‍යබලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ යි.
මහණෙනි, තෙල සෙඛබලයෝ පස්දෙනෙක. කවර පස්දෙනෙක, යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබලයි. මහණෙනි තුලුහු පඤ්චශෛක්ෂබලයෝ යි. මහණෙනි, මේ පඤ්ච ශෛක්ෂබලයන් අතුරින් තෙල අග්‍රය තෙල (ගෝනැස් ගන්නා කූටය සෙයින්) සාඞ්ග්‍රාහිකය (සගන්) වේ. තෙල සන්ධි (මුළුලු) කරන්නේ වේ. හෙ කවරේ ය යත්: ප්‍රඥාබල යි. මහණෙනි, යම් සේ කුළුගෙයි තෙල අග්‍රය වේ ද, තෙල සාඞ්ග්‍රාහිකය වේ ද, තෙල සඞ්ඝාතනිය වේ ද, එ කිමෙක යත්: කූටය (මුදුන-කැණිමඬල) යි. මහණෙනි, එ පරිදි ම මෙ පස්වැදෑරුම් ...
මහණෙනි, මම පෙර නො ඇසූ සියුසස් දහම්හි (සොළොස් කරණී විසින්) වෙසෙසින් දැන (කෘතකෘත්‍ය වන බැවින්) පර්ය්යවසානභාවසඞ්ඛ්යාත පරතෙර පැමිණියෙමි යි පිළිණ කරමි. මහණෙනි, යම් බලයකින් සමන්වාගත තථාගතයන් වහන්සේ ශ්‍රෙෂ්ඨ ස්ථානය පිළිණ කරණ සේක් ද, පිරිස්හි සිංහනාද කරණ සේක්ද, ශ්‍රෙෂ්ඨ ධර්මචක්රය පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ තථාගතබලයෝ (ඥානබලයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ශ්රද්ධාබලය, හිරිබලය, අපත්‍රපාබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි. මහණෙනි, යම් බලයෙකින් ...
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මෙ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට (නිශ්චල භාවයට) වෛපුල්‍යයට (මහත්බවට) පැමිණෙනුවට අභව්‍ය (අභාජන) වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ මෙ දහම්විනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙනුවට අභව්‍ය වෙයි. මහණෙනි, හිරි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය නැතියේ, මේ ධර්මවිනයෙහි වෘද්ධියට ...
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්වාගත මහණ ගෞරව නැතියේ, ප්‍රතිශ්‍රය (බුද්ධාදින් කෙරෙහි යටත්වැටුම්) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, ශ්‍රද්ධා නැති මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය (දෙටුවකු) නැතියේ, ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙයි. මහණෙනි, විළි නැති මහණ ... මහණෙනි, ඔතප් නැති මහණ ... මහණෙනි, කුසීත මහණ ... මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ ච්‍යුත වේ. සද්ධර්මයෙහි නොපිහිටුනේ වේ. මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්වාගත ...