අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

5.1.1.8. චවන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 1. සේඛබල වර්ගය

මහණෙනි, පඤ්ච ධර්මයෙකින් සමන්‍වාගත මහණ ච්‍යුත වෙයි. ශාසන සද්ධර්මයෙහි නොපිහිටුනේ වෙයි. කවර පසෙකින යත්: මහණෙනි, සැදැහැ නැති මහණ (ගුණදහමින්) ච්‍යුත වෙයි. ශාසන සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, විළිනැති මහණ ච්‍යුත වෙයි, සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, ඔතප් නැති මහණ ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මැළි මහණ ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, දුෂ්ප්‍රාඥ මහණ ච්‍යුත වෙයි. සද්ධර්මයෙහි නො පිහිටුනේ වෙයි. මහණෙනි, මෙ ...

5.1.1.7. කාමෙසුපලාළිත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 1. සේඛබල වර්ගය

මහණෙනි, බෙහෙවින් ම සත්ත්‍වයෝ වස්තුකාමක්ලෙශකාමයෙහි ප්‍රකර්‍ෂයෙන් ඇලුනාහ. මහණෙනි, කුලපුත් (තණකපන) දෑකැත්ත හා තණ කද තබාපියා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, ‘සැදැහැයෙන් සසුන් වන් කුලපුත්හ’යි කියන්නට නිසි වෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, යොවුනෙන් කාමයෝ ලැබිය හෙති. ඔහුදු යම් යම් බඳු වෙති. මහණෙනි, යම් බඳු (පඤ්චහීනකුලයන්ගේ) හීනකාමයෝ වෙත් ද, යම් බඳු (මධ්‍යමසත්ත්‍වයන්ගේ) මධ්‍යමකාමයෝ වෙත් ද, යම් බඳු (රාජාදීන්ගේ) ප්‍රණීත කාමයෝ වෙත් ද, එ හැම කාමයෝ ...

5.1.1.6. අකුසලසමාපත්‌ති සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 1. සේඛබල වර්ගය

මහණෙනි, කුශලධර්මයෙහි යම් තාක් ශ්‍රද්ධා එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලයාගේ සමාපත්තියෙක් (වැදගැන්මෙක්) නො වේ. මහණෙනි, යම් හෙයෙකින් ශ්‍රද්ධා අතුරුදන් වේ ද, අශ්‍රද්ධාභාවය මතුව නැඟගෙණ සිටුනේ වේ ද, එකල්හි අකුශලයාගේ සමාපත්තිය වෙයි. මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි හිරි එළඹ සිටියා වේ ද, ඒ තාක් අකුශලසමාපත්තියෙක් නො වේ. මහණෙනි, යම් හෙයෙකින් හිරි අතුරුදන් වේ ද, අහිරික භාවය නැඟගෙණ සිටුණේ වේ ද, එකල්හි අකුශලසමාපත්තිය වෙයි. මහණෙනි, යම් තාක් කුශලධර්මයෙහි ඔතප් එළඹ ...

5.1.1.5. සික්‌ඛාපච්චක්ඛාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 1. සේඛබල වර්ගය

මහණෙනි, යම් මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට (ගිහිබවට) වැටේ නම්, ඔහට දිටුදැහැමියෙහි ම ගැරහිය යුතු කරුණු වූ සහෙතුක වාදප්‍රවෘත්ති (මෙරමා නගන කතා) පසෙක් එළඹෙ. කවර පසෙක යත්: “තට කුසල්දහම්හි සැදැහැ ද නො වී. තට කුසල්දහම්හි හිරි ද නො වී. තට කුසල්දහම්හි ඔතප් ද නො වී. තට කුසල්දහම්හි වැර ද නො වී. තට කුසල්දහම්හි පැණ ද නො වී” ය යි. මහණෙනි, යම් කිසි මහණෙක් වේ ව යි, මෙහෙණක් වේ ව යි, ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටේ නම් ඔහුට දිටුදැමියෙහි ම ගැරහිය ...

5.1.1.4. යථාභත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 1. සේඛබල වර්ගය

මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ නිරයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, හිරි නැති වෙයි. ඔතප් නැති වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම්, එසේ නිරයෙහි තැබුනේ වේ. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මහණ ගෙණවුත් බහාතබන ලදුයේ යම් සේ වේ නම් එසේ ස්වර්ගයෙහි තැබුනේ වේ. කවර පසෙකින යත්: මහණෙනි, මෙ ...