අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

11.5.4. අඩ්ඪ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සිවු දහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ යි.

11.5.3. තතිය අසඞේඛය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට පසය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ නුවණැතියේ වෙයි. උදයව්‍යයය පිරිසිඳ දැනුමට පමුණුවන සුලු ආර්‍ය්‍ය වූ ...

11.5.2. දුතිය අසඞේඛය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ග‍ඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින් ක‍ඳෙකැයි ම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැ යි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, ...

11.5.1. අසඞේඛය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

මහණෙනි, මේ සිවු පුණ්‍යගඞ්ගාවන් ගෙන් කුසලගඞ්ගාවන් ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ග‍ඟෙකැ කුසල්ග‍ඟෙකැ යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහපින් ක‍ඳෙකැයි ම ගිණුවට යේ. මහණෙනි, යම් සේ මහමුහුදෙහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහදියක‍ඳෙකැයි ම ...

11.4.10. නන්‌දිය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය

එකත්පස් ව හුන් නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “යම් ම අරීසව්වකුහට සිවු සෝවන්අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද වහන්ස, ඒ අරීසවුතෙමේ ම පමාවිහරණ ඇත්තේ දැ”යි? නන්දිය, “යමකුට සිවු සෝවන් අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද, ඔහු බාහිර වූ පුහුදුන්පසෙහි සිටියෙකැ”යි මම කියමි. නන්දිය, වැලිදු අරීසවුතෙමේ යම්සේ පමාවිහරණ ඇත්තේත් නො පමා විහරණ ඇත්තේත් වේ නම් එය අස. නන්දිය, අරීසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේ ද යත්: නන්දිය ...