එකත්පස් ව හුන් කාලිගොධා සැහැදුවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ගොධාවෙනි, සිවුදහමකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බොධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ. කවර සිවුදහමකින යතු: ගොධාවෙනි, මෙහි අරීසව්තොමෝ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි. බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තී දෝනා ලද අත් ඇත්තී ත්‍යාගයෙහි ඇලුණී ඉල්ලනු ලැබීමට සුදුසු වූවා ...
මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්‍ය්‍යකාන්ත ශීලයෝත් වෙද්ද ...
එකත් පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, කෙතෙකින් උපාසක වේ දැ”යි? මහානාම, යම් කලෙක බුදුන් පිහිට කොට ගියේ වේ ද, දහම පිහිට කොට ගියේ වේ ද, සඟුන් පිහිට කොට ගියේ වේ ද, මහානාම, මෙතෙකින් උපාසක වේ යි. වහන්ස, උවසු තෙමේ කෙතෙකින් සිල්සපන් වේ දැ?යි. “මහානාම, යම් කලෙක උවසු තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයෙහි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළකුණේ වේ ද, පමාවට කරුණු වූ රහමෙර මත්පැනින් ...
මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙකින් සමන්වාගත වූවමෝ එයින් ච්‍යුත ...
මහණෙනි, අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ “දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි? මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැන ගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැති ගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො ...