අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

10.2.4. දුතිය ආනන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

ආනන්ද, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද් ද යත්: ආනන්ද, ආනාපාතසතිසමාධි වූ එක්දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ...

10.2.3. ආනන්‌ද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, එක් දහමක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනෙකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ”යි. ආනන්ද, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ...

10.2.2. කඞ්‌ඛෙය්‍ය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලොමසවඞ්ගීස තෙරණුවන්ට මෙය කීය: “වහන්ස, සෙඛ විහාරයත් එය ම ද? තථාගතවිහාරයත් එය ම ද? නොහොත් සෙඛවිහාරය අනෙකෙක් ද? තථාගත විහාරය අනෙකෙක් දැ”යි. ඇවැත්නි, මහානාම, එය ම සෙඛවිහාරයත් එය ම තථාගතවිහාරයත් නො ම වේ. ඇවැත්නි මහානාම, සෙඛවිහාරය අනෙකෙකි. තථාගතවිහාරය අනෙකෙකි. ඇවැත්නි, මහානාම, යම් ඒ ශෛක්ෂ්‍ය භික්ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර රහත්බව පතමින් වෙසෙද්ද, ඔහු පස් නීවරණ දුරු කොට ...

10.2.1. ඉච්‌ඡානඞ්‌ගල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස අයාමෙන් විවෙකයෙන් නැඟීසිටි සේක් භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ: “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට වුසූ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධියෙන් යුතු ව ඇතුළුවස බහුල කොට වුසූ සේකැ”යි මෙසේ පවසන්නහු ය. මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කරමි. සිහි ඇතියෙම් ප්‍රශ්වාස කරමි. දිගු කොට ...

10.1.10. කිම්බිල සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 1. එකධම්‌ම වර්ගය

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිය වදාරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු නම් භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි, සුගතයන් වහන්ස, එයට කාලය”යි. ආනන්ද, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ...