අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

10.2.9. අද්‌ධාන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.

10.2.8. අනුසය සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

මහණෙනි, ආනාපානසතිසමාධිය ... අනුසය නැසීම පිණිස පවතී යි.

10.2.7. සංයොජන සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

හණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ සංයොජන ප්‍රහාණය පිණිස පවතී. මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සංයොජන ප්‍රහාණය පිණිස පවතීද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සංයොජන ප්‍රහාණය පිණිස පවතී යි.

10.2.6. දුතිය භික්‌ඛු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක් දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවති. සත් බොජඟ වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්ති පුරවයි. “මහණෙනි, ආනාපානසතිසමාධි කෙසේ වඩන ලදුයේ කෙසේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවාගෙන හිඳගනී. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ...

10.2.5. භික්‌ඛු සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 10. ආනාපාන සංයුක්තය » 2. ආනන්ද වර්ගය

එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ”යි. “මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු ...