[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් මිථ්‍යාදෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. මිථ්‍යාදෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි. සම්‍යග්දෘෂ්ටිය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර ...
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් ව්‍යාපන්න සිත් ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. ව්‍යාපාදය පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදිම නිරයෙහි වේ.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි. අව්‍යාපාදය පිළිබඳ ගුණත් කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා ...
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් අභිධ්‍යා බහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් අභිධ්‍යා බහුල නොවූයේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි. අනභිධ්‍යාව පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් ...
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් සම්ඵප්‍රලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපය පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් සම්ඵප්‍රලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. සම්ඵප්‍රලාපයෙන් දුරුවීම පිළිබඳ ගුණත් කියයි. ...
[මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බස්හි අනුදන්නේත් වෙයි. පරොස්බස් පිළිබඳ ගුණ ද කියයි.. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණවුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.] [මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ...] තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. පරොස්බසින් දුරුවීම පිළිබඳ ගුණ ද කියයි. මහණෙනි, මේ සතර කරුණින් ...