මහණෙනි, ද්වෙෂයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වෙෂයාගේ පරිඥා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරොධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ... මේ සතර ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
මහණෙනි, රාගයාගේ පරිඥා පිණිස ... ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරොධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධි පූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්වාගත සෘද්ධිපාදය භවයි. වීර්‍ය්‍යසමාධිපූර්‍වක ... චිත්තසමාධිපූර්‍වක ... විමංසාසමාධිපූර්‍වක ප්‍රධන්වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සංස්කාරයෙන් සමන්වාගත සෘද්ධිපාදය භවයි: මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ භාවිතව්‍යයෝ යි.
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්‍ථීතිය පිණිස සම්මොෂය නොවනු පිණිස භූයොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනායෙන් පරිපූර්‍ණත්‍වය පිණිස ඡන්‍දය දනවයි. ව්‍යායාම කෙරෙයි. ...
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්‍මයෝ සතර දෙනෙක් වැඩිය යුතුයහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදොම්නස්‍ය දුරු කොට කයෙහි කය නුවණින් දක්නේ වෙසෙයි. වෙදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතියේ නුවණින් දන්නේ ස්මෘතිමත් වූයේ පඤ්චස්‍කන්‍ධලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය දුරු කොට ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ වෙසෙයි. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්‍මයෝ ...