මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්: සාවද්‍ය වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ වාක්කර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල අව්‍යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් ...
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්: කාමවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. විහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ වූයේ වහතොලු වූයේ දුෂ්ප්‍රාඥ ද වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නො නිසි වෙයි. මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත මහණ ...
මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්: වීර්‍ය්‍යබල ය, ස්‍මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.
මහණෙනි, එ පරිදි ම සතර කරුණෙකින් යුක්ත වූ මහණ ආහුන්‍යෙය වෙයි. පාහුණ්‍යෙය වෙයි. දක්‍ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි. කවර සතර කරුණින් යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල් ඇත්තේ වේ ද ... සිකපදයන් සමාදන් ව ගෙණ හික්මේ ද, මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි. මහණෙනි, කෙසේ ...
මහණෙනි, එ පරිදි ම සතර ධර්‍මයෙකින් සමන්වාගත වූ මහණ ආහුනාර්‍හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්‍ෂිණාර්‍හ වෙයි. අඤ්ජලිකරණාර්‍හ වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙයි. කවර සතර ධර්‍මයෙකින් යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්නද වෙයි. ජවසම්පන්න ද වෙයි. අරොහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මහණ කෙසේ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. … සිකපදයෙහි සමාදන් ව ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි. මහණෙනි, කෙසේ නම් ...