මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්‍ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්: නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්. මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ ...
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්‍පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ...
මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තූහ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දාන ය, ප්‍රියවචන ය, අර්‍තචර්‍ය්‍යා ය, සමානාත්මතා යි. මහණෙනි, මොහු සතර සඞ්ග්‍රහ වස්තූහු යි.
මහණෙනි, මේ අනාර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ම ව්‍යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලෙශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලෙශස්වභාවය ම සොයයි. මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පර්‍ය්‍යෙෂණාවෝ යි. මහණෙනි, මේ ආර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ...
මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ප්‍රඥායෙන් දැන (පරිඥෙය) අවබොධ කටයුතු ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය (ප්‍රහාණය කළයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය (=බැවිය යුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කටයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන පරිඥෙය්‍ය ධර්‍මයෝ කවරහ: පඤ්චඋපාදානස්‍කන්‍ධයෝ යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන පරිඥෙය (අවබොධකටයුතු) හ යි කියනු ...