අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

4.5.5.11. අරියවොහාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

මහණෙනි, මේ ආර්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය. මහණෙනි, මේ සතර ආර්‍යව්‍යවහාරයෝ ය.

4.5.5.10. අනරියවොහාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

මහණෙනි, මේ අනාර්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: දෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය. මහණෙනි, මේ සතර අනාර්‍ය ව්‍යවහාරයෝ යි.

4.5.5.9. අරියවොහාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

මහණෙනි, මේ ආර්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි. මහණෙනි, මේ සතර ආර්‍යව්‍යවහාරයෝ යි.

4.5.5.8. අනරියවොහාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

මහණෙනි, මේ අනාර්‍ය ව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි. මහණෙනි, මේ සතර අනාර්‍ය ව්‍යවහාරයෝ යි.

4.5.5.7. බහුකාර සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » (25) 5. ආපත්‌තිභය වර්ගය

මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්‍යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්: සත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ය යි. මහණෙනි, මේ සතර දහම්හු මනුෂ්‍ය වූවක්හට බොහෝ උපකාර වෙති.