අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා


පහත සඳහන් වන්නේ අප විසින් අලුතින් යුනිකේතයට හරවන ලද සූත්‍ර දේශනා දහසයි. පාඨකයනි, මේ උතුම් ශ්‍රි සද්ධර්මය කියවා, මැනවින් ධාරණය කර වහ වහා ධර්මාවබෝධය ලබත්වා!

2. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්දේශය

(ආයුෂ්මත්, තිස්සමෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්.) “මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ට ඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍ර‍ඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියන සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්ම ගියේ දැ” යි. කොධ සන්තුසිතො ලොකෙ යනු: ලොවැ කවරෙක් තුටු වූයේ සතුටු වූයේ සියමන් වූයේ පිරිපුන් මනදොළ ඇතියේ ද නුයි ‘කො’ ධ සන්තුසිතො ලොකෙ, යනු වේ. ඉච්චා ...

1. අජිත සූත්‍ර‍ නිර්දේශය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » අජිත සූත්‍ර‍ නිර්දේශය

(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ)ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඹහට අභිලෙපන යැ යි වදාරන සේක් ද?කිමෙක් ඔහට මහද්භය වේ ද? කෙනස්සු නිවුතො ලොකො යනු: නිරයලොක යැ තිර්‍ය්‍යක්ලොක යැ ප්‍රෙතලොක යැ මනුෂ්‍යලොක යැ දිව්‍යලොක යැ සකන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලොක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යන මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මෙලොව කිමෙකින් අවුරන ලද්දේ වසන ලද්දේ යටින් වසන ලද්දේ ...

16. පිඞ්ගිය මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්ණයෙමි, දුර්‍වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නෙත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි ...

15. මෝඝරාජ මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් මොඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගොත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ථි වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද? මොඝරාජය, හැම කල්හි සමෘතිමත් වැ ...

14. පොසාල මාණව පෘච්ඡා

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » චූල නිද්දේස පාළි » පරායන වර්ගය

(ආයුෂ්මත් පොසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනාලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ථි වැ ආයෙමි. ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ගවිෂ්කම්භණ විසින් සියලු රූපකාය ප්‍රහාණය කරන සුලු වූ අධ්‍යාත්මයෙහිද බාහ්‍යයෙහිද කිසිවක් නැතැයි දක්නහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහුගේ ඥානය) පුළුවු ...