(ආයුෂ්මත් නන්‍දමාණවක මෙසේ විචාරයි:) ‘ලොවැ මුනීහු ඇත්තාහ’යි ජනයෝ කියති. එය කෙසේ ද? (සමාපත්ති-අභිඥා) ඥානයෙන් සමුපෙත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? නොහොත් රූක්ෂ ජිවිතයෙන් සමූපෙත වූවහු ‘මුනි’ යැ යි කියත් ද? සන්ති ලොකෙ මුනයො- ‘සන්ති’ යනු: ඇත්තාහ, විද්‍යාමාන වෙති, ඇති, ලැබෙති. ලොකෙ යනු: අපාය ලොකයෙහි... ආයතනලොකයෙහි. මුනයො යනු: මුනි නම් ඇති ආජීවකයෝ යැ නිගණ්ඨයෝ යැ ජටිලයෝ යැ තාපසයෝ යැ යි ‘සන්ති ලොකෙ මුනයො’ යනු වේ. ඉච්චා ...
(ආයුෂ්මත් උපසීව මෙසේ විචාරයි:) ශාක්‍යමුනින්ද්‍රයන් වහන්ස, එකලා වූ මම් (කිසි පුඟුලක්හු හෝ දහමක් හෝ) ඇසුරු නොකෙළෙම් මහත් වූ (කාමාදි) ඔඝය තරණය කරන්නට නො හැකි වෙමි. සමතැස් ඇති සර්වඥයන් වහන්ස, යම් පුඟුලක්හු හෝ දහමක් ඇසුරු කෙළෙම් මේ කෙලෙස්වතුරු තරණය කෙරෙම් නම් ඒ නිඃශ්‍රය වදාළ මැනැවි. එකො අහං සක්ක මහන්තමොඝං- ‘එකො’ යනු: යම් පුද්ගලයකු නිසා හෝ දහමක් නිසා හෝ මහත් වූ කාමොඝය භවොඝය දිට්ඨොඝය අවිජ්ජොඝය, තරණය ...
(ආයුෂ්මත් ධොතක මෙසේ විචාරයි.)භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැව, මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්මනිර්ඝොෂය අසා තමා ගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි. පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං යනු: ‘පුච්ඡා’යි පෘච්ඡා තුනෙක: අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි මොහු තුන් පෘච්ඡා යි... නිර්වාණ පෘච්ඡා යි. පුච්ඡා මි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි ...
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි මෙය වදාළ මැන, මුඹ වහන්සේ ඥාන-වෙදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම්කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද? පුච්ඡාමි තං භගවා බ්‍රෑහිමෙතං යනු: ‘පුච්ඡා’ යනු: පෘච්ඡා තුනෙකි: අදිට්ඨජොතනා පුච්ඡා යැ දිට්ඨසංසන්‍දනා පුච්ඡා යැ විමතිච්ඡෙදනා පුච්ඡා යි. අදිට්ඨජොතනා පුච්ඡා කවරැ යත්: පියවින් ධර්මයන් ...
(ආයුෂ්මත් පූර්ණක මෙසේ විචාරයි,) තෘෂ්ණා රහිත වූ (එහෙයින් අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශලමූලාදිය දක්නාසුළු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ. මෙ ලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙයධර්මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි. අනෙජං මූලදස්සාවිං යනු: ‘එජා’ යි තෘෂ්ණාව ...