17. මහණෙනි, මේ අගතියට යන කරුණු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: ඡන්‍දෙයන් අගතියට යෙයි. ද්වෙෂයෙන් අගතියට යෙයි. මොහයෙන් අගතියට යෙයි. බියෙන් අගතියට යෙයි. මහණෙනි, මේ අගතිගමන කරුණු සතර දෙනය. 41. ඡන්‍දෙයනුදු ද්වෙෂයෙනුදු භයෙනුදු මොහයෙනුදු යමෙක් දහම පැන යේ ද ඔහුගේ යශස් පිරිහෙයි. කළුවර පස සඳු මෙනි.
16. මහණෙනි, මේ සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවෙධකඥානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණපරිග්‍රාහකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් රූපසූක්‍ෂමත්‍වයක් නො දක්නේ ය. ඒ රූපසූක්‍ෂමභාවඥානයෙන් උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන් රූපසූක්‍ෂමත්‍වයක් නො පතයි. වෙදනායෙහි උතුම් සූක්‍ෂමලක‍්ෂණප්‍රතිවෙධකඥානයෙන් සමන්‍වාගත වෙයි. ඒ වෙදනායෙහි ...
15. මහණෙනි, මේ අග්‍රප්‍රඥප්තීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරෙන්‍ද්‍රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, කාමභොගීන් අතුරෙන් යම් මේ මාන්‍ධාතෘ නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය. මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
14. මහණෙනි, මේ සතර ප්‍රධන්වීර්‍ය්‍ය කෙනෙකි. කවර සතර කෙනෙක යත්: සංවරප්පධානය, පහාණප්පධානය, භාවනාප්පධානය, අනුරක්ඛණප්පධාන යි. මහණෙනි, සංවරප්පධාන කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ යමක් හෙතු කොට ගෙණ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට විහරණය කරණ තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඇසින් එබඳු රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. ඒ චක්‍ෂුරින්‍ද්‍රියසංවරය පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රක්නේ ය ...
13. මහණෙනි, මේ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෝ ය. කවර සතර කෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නො ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපැද්ම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ ...