12. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව වසව. ප්‍රාතිමොක්‍ෂසංවර ශීලයෙන් යුක්ත ව ආචාර ගොචර දෙකින් යුක්ත ව වසව. අණුප්‍රමාණ වූ ද දොෂයෙහි බිය විසින් දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මෙව. මහණෙනි, පරිපූර්‍ණ සිල් ඇති ව පිරිපුන් පාමොක් ඇති ව ප්‍රාතිමොක්‍ෂසංවර ශීලයෙන් යුක්තව ආචාර ගොචර දෙකින් යුක්ත ව අණුප්‍රමාණ වරදෙහි බිය දක්නා සුලු ව සික පෙදෙහි සමාදාන කොට ගෙණ හික්මීම් කරමින් වසන තොප විසින් මතුයෙහි කරණී කිමය යත්: මහණෙනි, ඇවිදුනා වූ ද මහණහට ...
[සැවැත් නිදානයි:] 11. මහණෙනි, ඇවිදුනා මහණහට ද කාමවිතර්‍කයෙක් හෝ ව්‍යාපාදවිතර්‍කයෙක් හෝ විහිංසාවිතර්‍කයෙක් හෝ උපදනේය. මහණ ඒ විතර්‍කය ද ඉවසයි. නො හරියි, නො නෙරයි. විගතාන්ත නො කෙරෙයි. අභාවයට නොද පමුණුවයි. මහණෙනි, වීර්‍ය්‍යරහිත වූ උපවාද භය රහිත වූ හැමදා නරතුරු කුසීත වූ මෙබඳු ඇවිදුනා මහණ ද, “හීනවීර්‍ය්‍ය ඇත්තේ” යයි කියනු ලැබේ. මහණෙනි, සිටුනා වූ ද මහණහට ... මහණෙනි, හිඳුනා වූ ද මහණහට ... මහණෙනි, නිදිවරණ හෝනා වූ ද මහණහට ...
10. මහණෙනි, මේ සතර යොග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයොගය, භවයොගය, දෘෂ්ටියොගය, අවිද්‍යායොග යි. මහණෙනි, කාමයොගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දොෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නෙහයෙක්, කාමමූර්‍ඡායෙක්, කාමපිපාසයෙක්, ...
9. මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්: මහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්‍යාත (චීවරාදියෙහි) ප්‍රණීත - ප්‍රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී. මහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය ...
8. මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රෙෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්: මහණෙනි, “සම්‍යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ ...